𓆩♡𓆪 හතරවන දිගහැරුම 𓆩♡𓆪

19 3 0
                                    

    " දැන් කන බොන උන් කාලා බීලා ඉවරනම් ඔය අලුතින් ආපු පොඩි උන් සෙට් එක වරෙල්ලා බලන්න ඉස්සරහට. " පුංචි අම්මා බැඳලා දීපු බත් මුල නදුංකියි අමාදියි එක්ක බෙදාගෙන කාලා ඉවරවෙලා ඔහේ වල්පල් කතා කර කර හිටපු දුල්‍යානා ඉබේම වගේ පන්තියෙ ඉස්සරහට හැරිලා බැලුවෙ ඒ කටහඬට. ස්කූල් යුනිෆෝම් ඇඳගත්තත් රස්තියාදුකාර පෙනුම වහගන්න බැරි වුණ උස මහත කොල්ලො දෙන්නෙක් වයිට් බෝඩ් එක ඉස්සරහ හිටගෙන හිටියෙ මුලු පන්තියටම රවාගෙන.

        දුල්‍යානාත් එක්ක 12 - C පන්තියෙ හිටිය අලුතින් ස්කෝලෙට ආපු ළමයි ගාණ නමයක්. පිරිමි ළමයි තුන්දෙනයි, ගෑණු ළමයි හයදෙනයි. හැබැයි ඒ  හැමෝම තමන් හිටපු තැන්වල ගල්ගැහිලා වගේ බලාගෙන හිටියා මිසක  පන්තියෙ ඉස්සරහට යන්න තරම් කව්රුත් නිර්භීත වුණේ නෑ. " කවුද නදූ ඒ කොල්ලො දෙන්නා... " දුල්‍යානා ඇහුවෙ නදුංකිගෙ කනට ළං වෙලා. " ඒ තමයි මේ සයන්ස් සෙක්ශන් එකේ ඉන්න එපාම කරපු උන් දෙන්නා කෙවිනුයි ශලින්දයි. ඉන්නෙ දහතුනේ.... කෙවින් කියන්නෙ ඔය වම්පැත්තෙ ඉන්න උස සුදු එකා ඌ තමයි දැන් අපිට කෑගැහුවෙ. කෙවින්ගෙ තාත්තා ආදිශිෂ්‍ය සංගමේ සභාපති හින්දා ඌ ඉන්නෙත් තාත්තගෙ පවර්ස් අරගෙන. ගුරුවරු පවා මුන් කරන වැරැද්දකට වචනයක්වත් කියන්න බයයි. ඇත්තම කතාව ප්‍රින්සිපලුත් ඕබී එකේ ප්‍රසිඩන්ට් ට යටයි. " නදුංකි රහසින් වගේ උත්තර දුන්නා.

         " කන් ඇහෙන්නැද්ද යකෝ තොපි එකෙක්ටවත්. මන් ඇවිල්ලා කනෙන් ඇදන් එන්න කලින් වරෙව් ඉස්සරහට. " කෙවින්ගෙ කටේ සද්දෙට බයවුණ ඉස්සරහම පෝලිමේ හිටපු අලුත් ළමයි දෙන්නෙක් පුටුවෙන් නැගිටිද්දි අමාදි දුල්‍යානාටත් ඉස්සරහට යන්න කියලා සන් කලේ කෙවින්ලා කියන දේ නොකර හිටියොත් ප්‍රතිඵල තවත් දරුණු වෙයි කියල දන්න හින්දා. අලුත් ළමයි නමදෙනා ඇරුණම ඒවෙලාවෙ පන්තියෙ හිටියෙත් නදුංකියි අමාදියි තව ගෑණුළමයි කීපදෙනෙකුයි විතරයි. " මොකද හු## බිම බලාගෙන ඉන්නෙ තෝ භාවනා කරනවද වැලි කැට ගණන් කරනවද... කියපන් බලන්න මොකක්ද උඹේ නම " ශලින්ද කෑගැහුවෙ අලුත් ළමයි පෝලිමේ මුලින්ම හිටගෙන හිටපු කොල්ලට. " ම...මන් ආකාශ් අයි...යෙ " බය වැඩිකමට කතාකරද්දි කොල්ලට ගොත ගැහුණා. " මොකද පොඩි එකෝ ගොත ගහන්නෙ... කටේ කිඹුල බනිසක් හිරවෙලාද උඹේ. පලයන් ගිහින් අර මාකර් එක අරගෙන ඉටිපන්දමක් ඇඳපන් බෝඩ් එකේ. "

සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )Where stories live. Discover now