දවස් එකින් එක ගෙවිලා යද්දි රන්දිව්ගෙයි දුල්‍යානාගෙයි නමක් නැති බැඳීමත් ඉස්සරහට ගලාගෙන ගියෙ හරි අපූරුවට. බහුතරයක් දන්නේ රන්දිව් කියන්නෙ කෙල්ලගෙ පුංචි අම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක් කියලා හින්දා කවුරුත් වපරැහින් තමන් දිහා බලන්නෙ නැති බව දන්න හින්දා කොල්ලා හැමදාම උදේ හවස ස්කෝලෙ ආවෙ ගියෙ පවා දුල්‍යානා එක්ක. වචනෙන් නොකිව්වත් මේ දෙන්නට දෙන්නා ආදරේ කරනවා කියලා දැනගෙන හිටියෙ අමාදියි නදුංකියි නෙතිලුයි විතරයි. මේ අතරෙ සතියක් දෙකක් විතර යනකන් කෙවින්ගෙන් කිසිම සද්දයක් බද්දයක් නොතිබුණ හින්දා හැමෝටම කෙවින්ව අමතක වෙලා ගියත් කෙවින්ගෙ හිතේ තිබුණේ වෙනමම සැලැස්මක්.
" අඩේ ශාලි, උඹ ගෙදරද ඉන්නෙ බං... " ඉරිදා දවසෙ උදේම කෙවින් ශලින්දට කෝල් එකක් ගත්තෙ ශලින්දගෙත් උදව් ඇතිව තමන්ගෙ සැලසුම ඉක්මනටම ක්‍රියාවට නංවන්න හිතාගෙන. " ඔව් බං මන් දැන් නම් ගෙදර තමයි ඉන්නෙ. හවස් වරුවෙ ටවුන් එක පැත්තෙ යන්නත් හිතන් ඉන්නවා. ඇයි බං කෙවිනා මුකුත් උවමනාවක්ද ? " මේ වෙද්දි කෙවින්ගෙ වගේම ශලින්දගෙ හිතෙත් ඔඩුදුවලා තිබුණෙ දෙව්රම්ගෙන් පළිගන්න ඕනි කියන අදහස විතරයි. හැබැයි ශලින්ද බලාගෙන හිටියේ කෙවින් මූලිකත්වය අරන් වැඩේට බහිනකන්. " මට අර වේ#ගෙ පුතාලට ආයෙ මගෙ මූණ දිහා ඔලුව උස්සලා නොබලන්න රිටර්න් එකක් දෙනකන් නින්ද යන්නෑ බං. යමන් අද වීල් මංජුවා හම්බවෙලා ඌට අණ්ඩක් දෙකක් කඩන්න කියලා කන්ට්‍රැක් එක දීලා අද හෙටම මේක ඉවරයක් කරගන්න. එතකොට තමයි මගෙ හිතට සැනසීමක් දැනෙන්නෙ. " කෙවින් කියද්දි ඒකට එක පයින්ම කැමති වුණ ශලින්ද විනාඩි පහෙන් ලෑස්ති වෙලා බයික් එකට නැග්ගෙ කෙවින්ලගෙ ගෙවල් පැත්තට යන්න හිතාගෙන.
කෙවිනුයි ශලින්දයි ටවුන් එක පැත්තට ගියෙ ඔරලෝසු කණුව ගාව ත්‍රීවිල් පාක් එකේ ඉන්න වීල් මංජු ව හම්බ වෙන්න. වීල් මංජු එහෙමත් නැත්නම් මංජුල කියන්නෙ පිහි පෙන්නලා කෙල්ලන්ව බය කරන එක, කුරුඳු පොලු වලින් ගහලා කොල්ලන්ගෙ අත පය කඩන ස්කෝලෙ ඇරිලා එන කොල්ලන්ට මත්ද්‍රව්‍ය විකුණන එක වගේ එක වගේ පොඩි පොඩි සිල්ලර මැරකම් කරලා ගතමනාවක් හොයාගන්න ටවුමෙ චණ්ඩියෙක්. යන්තම් දැලි රැවුල වැවීගෙන එද්දිම පටන්ගත්ත කෙවින්ගෙයි ශලින්දගෙයි නොපනත්කම් වල පිටිපස්සෙන් හිටපු හෙවණැල්ල වුණේ වීල් මංජු. " ආ මංජු අයියා, අපෙත් හොඳ වෙලාව... මංජු අයිය කොහෙවත් හයර් එකක්වත් ගිහින්ද දන්නෑ කියලා හිත හිත අපි මේ ආවෙ. " කෙවින් කිව්වෙ වීල් මංජුගෙ කළු පාට ත්‍රීවිල් එක ඉස්සරහා බයික් එක නතර කරන ගමන්. " අඩ්ඩේහ්... මේ අපේ කෙවින් මලයා නෙ. ඉතිං ඉතිං මොකෝ මේ ඉලන්දාරි දෙන්නට අපේ ඒරියා එකට එන්ටර් වෙන්න හිතුණේ... නිකම් නම් වෙන්න බෑ. " මංජු කිව්වේ ත්‍රීවිල් එකෙන් එලියට ඔලුව දාලා.
KAMU SEDANG MEMBACA
සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )
Romansa"...විකාරද නුත්යා, නුරාන් මොකටද මන් ගැන ඉන්ටරෙස්ට් වෙන්නේ. ඇයි මෙච්චර අවුරුදු ගාණක් මේ ස්කෝලෙ හිටපු ඌට ඔච්චරට කෙල්ලෙක් නැද්ද ?..." ~ දුල්‍යානා "...මන් දන්නවා නුරාන් ඔයාගෙ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් එනව කියලත්.හැබැයි ම...