𓆩♡𓆪 විසි පස්වන දිගහැරුම 𓆩♡𓆪

4 1 0
                                    


           " මොකක්... දුල්‍යානා වගේම තවත් කෙල්ලෙක් ? උඹ ඔය ඇත්තටම නේද රන්දිව් ඔය කියන්නෙ. නැත්නම් ඒකි ගැන මනෝ ගහගෙන ඇවිද ඇවිද ඉද්දි හීනයක්වත් දැක්කද උදේ පාන්දර. " නෙතිල් රන්දිව්ගෙන් ඇහුවෙ  අහම්බෙන් තමන්ගෙ ඇඟේ හැප්පුණ ඒ කෙල්ලගෙ විස්තරේ රන්දිව් නෙතිල්ට කියද්දි. " ඔව් ඔව් යකෝ උඹ හිතුවද මට කොයිල් කියලා මේ උදේ හත හමාරටත් කිට්ටුව ඇස් ඇරගෙන දවල් හීන දකින්න තරම්, උඹට කියන්න නෙතිලා කෙල්ලො දෙන්නා එක වෙලාවක එකම තැන හිටියොත් දෙව්ගෙ අම්මටවත් මන් හිතන්නේ දෙව් ව එකපාරට අඳුරගන්න පුලුවන් වෙයි කියලා...  " රන්දිව් කියද්දි නෙතිල් කොල්ලගෙ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. " මොකද ඕයි ඒගමන කන්න වගේ මගෙ මූණ දිහා බලන් ඉන්නෙ, ආස නෑ හොඳේ ඕවට නම්. අර නදුංකි ඉන්නෙ ඒකිව අල්ලගනින්. "  රන්දිව් එහෙම කියාගෙනම අහකට පැන්නෙ නෙතිල් ගහපු පාරෙන් බේරෙන්න.

               " හරි හරි ඕයි මෙහෙ වරෙන්කො. දැන් සර් කාරයා එන්නත් ළඟයි... මන් හිතන්නෙ මන් දන්නවා ඒ කෙල්ල කවුද කියලා. " අතේ බැඳලා තිබුණ ඔරලෝසුව දිහා බලපු නෙතිල් කියද්දි රන්දිව් හරිබරි ගැහිලා ඉඳගත්තෙ කොල්ලගෙ කතාව අහන්න. " උඹ දන්නව නේද සයන්ස් එකේ නුරාන් කාරයව, දුල්‍යානලගෙ හවුස් එකේ හවුස් කැප්ටන් ඉන්නෙ අර සුදු උස කොල්ලා. " නුරාන් ගැන කිව්වම එල්ලෙ මැච් එක ගැන මතක් වුන රන්දිව්ගෙ හිතට ආවෙ තරහක්. ඒ තරහ පිටට පේන්න නොදී කොල්ලා ඔලුව උඩ පහලට වැනුවේ ඔව් කියලා කියන්න. " අන්න ඌ ඉස්සර යාලුවෙලා ඉඳලා තියෙන්නෙ හැඩරුව දුල්‍යානා වගේම වෙච්ච කෙල්ලෙක් එක්ක. මට මතක විදිහට ඒ කෙල්ලගෙ නම සප්නා පූජානි වගේ එක. හැබැයි මොකක් හරි හින්දා ඒ එෆෙයා එක බ්‍රේකප් වෙලා තියෙනවා. කොහොමහරි දුල්‍යානා ඒ කෙල්ල වගේ හින්දා මූ දුල්‍යානටත් රබර් ඇහැ දානව කියලා තමා මට නම් ආරංචිය. නදුංකි තමයි මට කිව්වෙත් ඔය ගැන. හැබැයි දැන් උඹ ගොනා වගේ අරූ එක්ක වලියට පැටලෙන්න එහෙම යන්න එපා හරිද... " නෙතිල් කියද්දි රන්දිව්ට තේරුණේ දුල්‍යානාව නුරාන්ගෙන් පරිස්සම් කරගන්න තමන්ට සෑහෙන්න මහන්සි වෙන්න වෙයි කියලා.

𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪

              කැන්ටිම ගාව බංකුවෙ වාඩි වෙලා කල්කිරි බෝතලයක් බොන ගමන් දෙව්රම් කල්පනා කර කර හිටියෙ රනුල්‍යා ගැන. හා හා පුරා කියලා දුල්‍යානාව දැක්ක මුල්ම දවසෙ කෙල්ල ගැන හිතේ ඇතිවුණ අමුතු හැඟීම හිතින් අතුගාලා දාලා තමන්ගෙ මුලු හිතම අයිතිකරගන්න රනුල්‍යාට ගියෙ දවස් කීපයයි නේද කියලා මතක් වුණ කොල්ලගෙ මූණෙ ඇඳුණෙ හිනාවක්. රනුල්‍යාත් තමන්ට අකමැති වෙන්නෙ නෑ කියලා දැන දැනම කොල්ලා තමන්ගෙ ආදරේ රනුල්‍යාට නොපෙන්නෙන හිත ඇතුලෙම ගුලි කරගෙන ඉන්නෙ ශිෂ්‍ය නායක තනතුරේ වගකීම් හින්දා. " මචං දෙව්රම්... තව සතියයි තියෙන්නෙ බං ස්පෝට්ස්මීට් එකට. දැන් හෙට ඉඳන්වත් හවුස් එහෙම හදන්න පටන්ගමු නේද ? " දෙව්රම්ගෙ කල්පනා ලෝකෙ බිඳිලා ගියෙ ජනිත කොල්ලගෙ උරහිසට අත තියලා කතා කරද්දි. " ඔව් බං ඒකනම් ඇත්ත... මාත් මේ ඒ ගැන තමයි කල්පනා කර කර හිටියෙ."

සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )Where stories live. Discover now