දෙව්රම්ගෙ සිද්ධිය ස්කෝලෙ පුරා පැතිරෙන්නෙ නැතිව තියාගන්න කෙවින් සෑහෙන්න මහන්සි වුණත් සයන්ස් එකේ මේ කලබගෑනිය පැය දෙක තුනක් යද්දි සෙක්ශන් තුනේම ළමයි අතරෙ ජනප්රියම මාතෘකාව වුණේ මේ වගේ ආරංචි වලට තටු තියෙන නිසා. කෙවින්ගෙ නොපනත්කම් වලට විරුද්ධව වචනයක් කියාගන්න බැරිව හිටපු ගොඩක් දෙනෙක් මේක ඇහුවට පස්සෙ සතුටු වුණේ හදවතින්මයි. හැබැයි මේ ප්රශ්නෙ කොනක කෙල්ලෙක් ඉන්නවා කියලා හැමෝම දැනගෙන හිටියත් ඒ කෙල්ල දුල්යානා කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. හැබැයි මේ කතා කටින් කට ඇවිත් නෙතිල්ගෙ කනට වැටුනම කොල්ලට හිතුනෙ මේ ප්රශ්නෙ පිටිපස්සෙ ඉන්න කෙල්ල දුල්යානාමයි කියලා. රන්දිව් දුල්යානා ගැන බලන්න කියල නෙතිල්ට මගින් මගට කිව්වත් කොල්ලා ස්කෝලෙ එද්දි හත හමාරත් පහු වෙලා ස්කෝලෙ පටන් අරන් තිබුණ හින්දා නෙතිල්ට සයන්ස් එක පැත්තට යන්න වෙලාවක් තිබුණෙ නෑ. ඉන්ටවල් එක දුන්නු ගමන් කොල්ලා සයන්ස් එක පැත්තට යන්න හිතුවෙ මේ පැටලුම් ටික ලිහාගන්නත් එක්කමයි.
𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪
" අදත් කෙවින්ලා එහෙම අපේ පන්තියට එයිද දන්නෑ බං මටනම් බයේ බෑ. " දුල්යානා අමාදිටයි නදුංකිටයි කිව්වෙ කෑම කාලා අත හෝදන්න සයන්ස් සෙක්ශන් එක කෙලවරේ තිබුණ සින්ක් එක ළඟට ගිය තැනදි. " අපෝ උන්ට ලැජ්ජාවක් ඇත්නම් ආයෙ එන එකක් නෑ බං. පොඩි එකෙක්ගෙන් ගුටිකෑවට පස්සෙ කොහොමද ආයෙ ඌ සමාජෙට මූණ දෙන්නෙ. මන් හිතන්නෙ ඕක අමතක වෙලා යනකන් ඌ සතියක් දෙකක් ස්කෝලෙ එන්නෙත් නැතිවෙයි. උඹ බය නොවී ඉඳහන් මැට්ටියේ." නදුංකි කිව්වෙ අත සේදුවට පස්සෙ ඇඟිලි තුඩු අග රැඳුණු වතුර බිංදු කීපයක් දුල්යානාගෙ මූණට ඉහලා. " කෙවින්ලා නම් නෙවෙයි අන්න උඹගෙ වැහි කුමාරයගෙ අග්ර පුරෝහිතයනම් මේ පැත්තට එනව පේනවා දුල්යානා. හැබැයි කෝ අද වැහි කුමාරයා... " කැන්ටිම පැත්තෙ ඉඳලා සයන්ස් එක පැත්තට එන නෙතිල්ව දැකපු අමාදි කිව්වා.
" ආ නෙතිල්, මොකෝ අද තනියෙන් මේ පැත්තේ. කෝ අපේ දුල්යානාගෙ වැහි කුමාරයා... " නදුංකි අහද්දි දුල්යානා කෙල්ලගෙ අත කෙනිත්තුවේ ලැජ්ජාවෙන්. නදුංකි ඒ අහනකන් නෙතිල් හිතාගෙන හිටියෙ රන්දිව්ගෙයි දුල්යානාගෙයි ගැන විනය භාර හාමුදුරුවන්ට කියපු කතාව බොරුවක් කියලා දන්නෙ කොල්ලා විතරයි කියලා." කුමාරයා අද අවදි වෙද්දි ළාවට උණ ගතියක් තිබුණ හින්දා මව් රැජින අණ කරලා අද ගුරුකුලයට නොගිහින් වෙද මැදුරට ගිහිල්ලා වෙදැදුරාණන් හමුවෙන්න කියලා. ඒකයි අද කුමාරයා ගුරුකුලයට පැමිණියේ නැත්තෙ. " නෙතිල් දුන්න ඒ උත්තරේට නදුංකිගෙ කටින් බකස් ගාලා එලියට පැන්නෙ හිනාවක්. අමාදියි නෙතිලුයිත් ඒ හිනාවට එකතු වෙද්දි දුල්යානා විතරක් ඒ දිහා බලාගෙන හිටියෙ මූණ පුලුටු කරන්. " මාර යාලුවො තමයි ඔයාලත්. ළමයෙක්ට අසනීපයි කියල කිව්වම ඔහොම හිනාවෙනවද, පව් අර අහිංසක ළමයා. රන්දිව්ට ගොඩක් අසනීපද නෙතිල්. " දුල්යානා අහද්දි අමාදියි නදුංකියි එකිනෙකාගෙ මූණ දිහා බලලා හිනාව තද කරගත්තෙ අමාරුවෙන්.
ESTÁS LEYENDO
සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )
Romance"...විකාරද නුත්යා, නුරාන් මොකටද මන් ගැන ඉන්ටරෙස්ට් වෙන්නේ. ඇයි මෙච්චර අවුරුදු ගාණක් මේ ස්කෝලෙ හිටපු ඌට ඔච්චරට කෙල්ලෙක් නැද්ද ?..." ~ දුල්යානා "...මන් දන්නවා නුරාන් ඔයාගෙ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් එනව කියලත්.හැබැයි ම...