" ඔයාට මුකුත් අවුලක් වුණේ නෑ නේද දෙව්දිනිති. " රන්දිව් දුල්‍යානාගෙන් ඇහුවෙ හාමුදුරුවො කෙවින්වයි ශලින්දවයි එක්කගෙන පන්තියෙන් එලියට ගියාට පස්සෙ. මෙච්චර කාලෙකට කෙල්ලට හම්බවුණ යාලුවො හැමෝම කතා කලේ දුල්‍යානා කියන නමින්. ඒ හින්දා කොල්ලා තමන්ට දෙව්දිනිති කියල කතා කරපු එක දුල්‍යානාට විශේෂයි. " අනේ නෑ රන්දිව්, ඔයා හරිම වෙලාවට ඇවිල්ලා මාව බේරගත්තනේ. හැබැයි මන් ඒ වෙලාවෙ ගොඩක් බය වෙලා හිටියෙ ඇඬෙන්න ඔන්න මෙන්න වගේ. ඔයා නොහිටින්න මට මොනව වෙයිද දන්නෙ නෑ. තැන්කියු රන්දිව්. " කෙල්ල රන්දිව්ට ස්තූති කලේ නුහුරු හැඟීමක් හිත යට ගුලි කරගෙන. " කමක් නෑ දෙව් දැන් ඒ ගැන හිතන්න එපා. ඔයා බය නොවී ඉන්න මේ රන්දිව් ඉන්නකන් ස්කෝලෙ ඇතුලෙදි කාටවත් ආයෙ ඔයාගෙ කෙස් ගහකටවත් අත තියන්න ඉඩ දෙන්නෙ නෑ. දැන් ඉන්ටවල් එක ඉවර වෙන්නත් ළඟයිනෙ අපි ක්ලාස් එකට යන්නම්. පරිස්සමින් ඉන්න. " රන්දිව් දුල්‍යානාට අත වනලා පන්තියෙන් එලියට ගියෙ කෙල්ලව පාට හීන ලෝකෙක අතරමං කරලා.
" ඒයි මැට්ටියේ, උඹ ඇයි බන් අරුන් දෙන්නව අහු කරලා දුන්නෙ. ඕකුන් තරහ කරගන්න හොඳ මිනිස්සු නෙවෙයි. ඔය කෙවින් කාරයා කියන්නෙ මනුස්ස රූපෙන් ඉන්න තිරිසනෙක්. " නදුංකි ඇහුවෙ රන්දිව්ලා ගියාට පස්සෙ ආපහු හිටපු තැනට ගිහින් ඉඳගත්තු දුල්‍යානාගෙන්. " අනේ මන්දා බන්. වචනෙන් හරි මාව බේරගන්න හිතලා ආපු කොල්ලට කරදරයක් වෙනව දකින්න මට හිත දුන්නෙ නෑ. " දිග හුස්මක් අරගත්තු කෙල්ල උත්තර දුන්නා. " ඒ දුල්‍යානා... ඇත්තටම රන්දිව් උඹලෑ නැන්දගෙ යාලුවෙක්ගෙ පුතෙක්ද, එහෙමත් නැත්නම්... " අමාදි ඇහුවෙ නදුංකි දිහා බලලා ඇහැක් ඉඟි කරලා. " අනේ මේ එහෙම මුකුත් නෑ. " අමාදිගෙ අතට නොරිදෙන්න පාරක් ගහපු දුල්‍යානා අහක බලාගත්තෙ බොරු තරහක් මවාගෙන. " ආව් ආව් කෙල්ලගෙ මනමාල හිනාව. කෝ බලන්න මූණ... "
𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪
" අනේ රෙද්ද ඌ ඕබී එකේ ප්‍රෙසිඩන්ට්ගෙ නෙවෙයි ප්‍රයිම් මිනිස්ටර්ගෙ පුතා වුණත් මට වැඩක් නෑ. මම කලේ මට හරියි කියලා හිතුණු දේ. එච්චරයි. උඹට හිතෙන්නෙත් උන් හරි කියලනම් උඹත් පලයන් උන් දෙන්නා එක්කම... " රන්දිව් කරපු දේ වැරදියි කියලා නෙතිල් කියද්දි කොල්ලා උත්තර දුන්නෙ තරහින්. " අඩෝ එහෙම නෙවෙයි බං. මන් කියන්නෙ උඹ කෙවින්ලා එක්ක පැටලෙන්න ගිය එක වැරදියි කියලා. උඹ හොඳටම දන්නවනෙ මේ ස්කෝලෙ ඇතුලෙ ඌට තියෙන තැන. දැන් ඔය යකා අනිවාරෙන්ම උඹෙන් පළිගනියි. " නෙතිල් කිව්වෙ ස්කෝලෙදි මීට කලින් කෙවින් එක්ක පැටලෙන්න ගිය කොල්ලන්ට වුණ දේවල් ඇස් දෙකෙන්ම දැකපු නිසා. " එන්න කියහන්කො පළිගන්න. මගෙ ඇස් වලට පෙනි පෙනීම දෙව්දිනිතිව රැග් කරද්දි මුකුත් නොකර ඔහේ බලාගෙන ඉන්න උඹ හිතුවද මන් පො###ක් කියලා. "
YOU ARE READING
සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )
Romance"...විකාරද නුත්යා, නුරාන් මොකටද මන් ගැන ඉන්ටරෙස්ට් වෙන්නේ. ඇයි මෙච්චර අවුරුදු ගාණක් මේ ස්කෝලෙ හිටපු ඌට ඔච්චරට කෙල්ලෙක් නැද්ද ?..." ~ දුල්‍යානා "...මන් දන්නවා නුරාන් ඔයාගෙ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් එනව කියලත්.හැබැයි ම...