| 10 |

558 112 161
                                    




    " මේ ඕයි! "




බිස්කට් පහක් හම්බුන එකෙන් දෙකක් කාල තුනක් කොල කෑල්ලක ඔතලා සාක්කුවෙ දාගත්තෙ පොඩි එකාගෙ ඇස් මතක් වෙද්දි ඌ ආස රහක් තිබ්බ කිසි දෙයක් උගුරෙන් පහලට යන්නැති හින්දා.


    තේ කෝප්පෙ හෝදන ට්‍රේ එකෙන් තියල බිස්කට් ටික සාක්කුවට දාගද්දි එකපාරටම කන අස්සෙ කෑගැහුව කට හින්දා මං ගැස්සිල ආපස්සට වැටුනෙ නැති ටික විතරයි.




      දැන් සතියක් මම මේකෙ වැඩ කරන්න වෙලා. දැන් මුලින් තරම් බයක් නොදැනුනාට තාම බාස්ලගෙන් අත්වැඩට ඉන්න අයියලගෙන් නොසෑහෙන බැනුම් ඇහුවා. කේන්ති ගියාම බැනල ඊටපස්සෙ ටිකකින් උන් මාව ආතල් එකට අරන් අහස හෙල්ලෙන්න හිනාවෙන්න මාව දඩමීමා කරගත්තා.



       ' කොරවක්කට දැන් නෙලුම් කොළේ හුරුයි වාගෙ.. '



     ' හුරුයි හුරුයි... තව ඩිංගෙන් මගෙ ඇහැ කනෙන් ගන්නවා කම්බි කූරක අමුනලා.. '



    කතාව ඇත්ත.. මං අතින් අනිත් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ වැටුණ වාර අනන්තයි මේ දවස් හයට.. ඒත් උන් හිතේ කහටක් තියාගත්තෙ නෑ.. එවෙලෙට ඩිංගක් කෑගහල පස්සෙ කරට අත දාගෙන මාව තේ බොන්න ඇදගෙන ගියා මිසක්.



    මං පුළුවන් තරම් පරිස්සමට වැඩ කරන්න හදනකොට මගෙ වැඩවල වේගෙ මදි වුණා.. වේගෙන් වැඩ කරද්දි මගෙ පරිස්සම අඩු වුණා. වෙලාවකට මට ඔක්කොම දමල ගහල මේකෙන් බැහැල ගෙදර ගිහින් පොඩි එකාව බදාගෙන නිදාගන්නයි ඕන කළේ.. ඒත් දැන් මගෙ ජීවිතේ ' අතාරිනවා ' කියන්නෙ ඔප්ශන් එකක් නෙවෙයි. මට අතාරින්න බැරි හේතුවක් මං ටොෆියක් හරි චොකලට් එකක් හරි අරන් එනකල් අනුන්ගෙ හෙවනක මග බලාගෙන උන්නා.





        " ක්‍රේන් එක කනේ වදිනකල් ද බලන් ඉන්නෙ?! අහකට වෙනවා මොනාද කරන්නෙ?! "



     හුරුපුරුදු නපුරු ඇස් මං ඉස්සරහට ආයෙත් ආවෙ මට බනින්න.. කෑගහන්න. මට මුලින් කියන්නෙ මොනාද තේරුන්නෑ. මං හිටගෙන බලාගෙන ඉද්දි ' ලොකු ඉන්ජිනේරු මහත්තයා ' මාව ඇදගෙන කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ටික දුරක් ගිහින් මාව තල්ලු කරලා වගේ අතෑරියා.





සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now