| 15 |

511 107 175
                                    



    ලොකු ඉන්ජිනේරු මහත්තයා මගෙ බෝඩිම් කාමරේ අස්සෙ කරන්නෙ මොනවද කියල වසන්තෙ අයියා උඩබිම් බලන අතරෙ වසන්තෙ බාස් මගෙ කාමරේ අස්සෙ රිංගන්නෙ මොකටද කියල දෙව්දුන් අයියට හිතාගන්න අමාරු වෙන්නැති. දෙන්නගෙම ඇස් නැවතුනේ මගෙ දිහා.


     මං දරුවව අයියගෙන් උදුරගෙන කාමරේට ගිහින් දොර වහගත්තා. මං එකෙකුටවත් උත්තර බඳින්න බැදිල නෑ. මට බදින්න උත්තරත් නෑ.


   මං කාටවත් වරදක් කරල නෑ. ඒත් උන් දැනටම ගොදුරු මානසිකත්වය ඉහේ දරාගෙන ඉවරයි කියල ඒ බැල්මෙන් කියන්න මට පුළුවන්.



      " හොද තාත්තිල අඩන්නෑ... " කොල්ලා අන්තිම ටික ඇදල ආදරෙන් කියල මගෙ කම්මුල මොලකැටි අතින් පිහිද්දි මං ඌ තුරුල් කරගෙන ඇදට වැටුණා. දොරෙන් එලියෙ ඉදපු පිරිමි දෙන්නා දොඩමළු වෙනවා මට ඇහුණා. දෙව්දුන් අයියා වෙඩින් එකකට යන ගමන් දැකල ගෙට ගොඩවුණා කියනවා., වසන්තෙ අයියා ගියපු මලගෙදර ගැන කියනවා.. මැරිල ඉන්නෙ කාගෙ කවුද කියනවා ඇහුණා.. වැඩි කතාබහක් ගියෙ නෑ. ඉක්මනටම වසන්තෙ අයියා දොරට බැහැල ගියා. ත්‍රීවීලර් එක ඈතට යනකල් හැලහොල්මනක් සද්දයක් බද්දයක් තිබුන්නෑ. ටිකකින් අයියා දොරට තට්ටු කරගෙන කාමරේට ආවා..


      දොරට තට්ටු කරේ උගෙ හැදියාවට වෙන්නැති. ඒත් ඒක මට ගැහුවා වගේ රිදුනා.

මාව පිට එකෙක් කරලද...

දොරට තට්ටු කරන්න ඕනද මගෙ කාමරේට එන්න?

ආපහු අර අවුරුදු දාසයෙ එකා හිත අස්සෙ වැලලෙනවා මට දැනුනා.



        " තාත්ති අදනවා.. "

පොඩි එකා කිව්වෙ හරි දුකෙන්. උගෙ මට තියෙන ආදරේ.. මට හෙනට දුක හිතුනා.


     " තාත්ති නෝටි පුතා.. එන්න.. අපි සෙල්ලමක් කරමු. "


    " තාති නෝටි නෑ. තාත්ති පව්.. "



" නෑ තාත්ති නෝටි.. ඕන්නැති වැඩ කරලා අඩනවා.. එන්න මගෙ පුතා. තාත්ති අඩාගත්තදෙන්. "




      " තාත්ති පව්.. "


" අපි සෙල්ලමක් කරමුකො.. එන්න.. තාත්ති අඩන්නෑ දැන්. තාත්ති දොයිද කොහෙද. "



සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now