| 31 |

468 71 53
                                    



    අයියා පොඩි එකාව තුරුල් කරන් නින්දෙ හිටියා..



    මට නිදිමතක් තිබුන්නෑ. දරුවට ගහපු පාර මගෙ කන් අස්සෙ දෝංකාර දුන්නා. නිදි නැතුව මුලු රෑම ඒක ගැන හිත හිත දුක්වෙන එක මට ලැබුණ දඩුවම වෙන්නැති..



     මං ඇදේ දිගාවෙලා අයියයි පුතයි දිගා බලන් හිටියෙ අටවක හඳ එලියෙන් දීපු ලා හෙවනැල්ලෙ පිහිටෙන්.. පුතාගෙ කට චුට්ටක් ඇරිලා... කිරි දතක් දිලිසෙනවා හඳ එලියට. අයියගෙ අතක් පුතාට උඩින් වැටිල තිබුණත් නින්දෙන් පවා දරුවට බර නොවැටී ඉන්න ඒ මස්පිඩු මතක තියන් ඉන්න හැටි පුදුමයි..




   නොදරුවගෙ මොලකැටි ඇග වැහුණෙ චූටි කලිසම් කොටේකින් විතරයි. ඒ ළපටි ඇග එක්ක සන්සන්දනය වෙද්දි අයියා මහ යෝධ අයෝමය පුරුෂයෙක් වගේ පෙනුනෙ අයියත් කමිසෙ නැතුව සරම පිටින් නින්දෙ ඉදපු හින්දා..



       මං අයියා තරම් ම හැඩිදැඩි නැතත් හීන්දෑරී පිරිමි ඇගක් මට තිබුණා.. අයියා වර්ක් අවුට් කරල හදාගෙන මේන්ටේන් කරපු එයිට් පැක්ස් වගේම.. මං වැඩ කරලම ඉබේ මතුවෙච්ච සික්ස් පැක් එකක් මටත් තිබුණා.. අයියගෙ ගෙදර ජිම් ඒරියා එකක් තිබුණා.. අයියා දිනපතාම ඒකෙ යකඩ ගොඩවල් එක්ක ඔට්ටු වුණා. ඒත් මං සති ගාණක් වැඩක්පලක් නොකර ඉදලම අර මතුවෙච්ච සික්ස් පැක්ස් ටිකත් දියවෙල මැකිල යන ගමන් තිබුණෙ..




    මට ඕව ගැන හිතන්න කාලයක් තිබුණෙ නෑ. මම කොන්ඩෙ කැපුවෙත් වැඩ කරනකොට මූණට එන එක වදයක් වුණාම විතරයි.. දරුවගෙ ඇනෙන හින්දා රැවුල කපල දැම්මෙ ඌ ඉබින්න අම්මෙක් නැති හින්දා.. තවම දරුණුවට රැවුල වැවෙන්නෙ නැති හින්දා කැපුවට පස්සෙ ලොකුවට කටු ඇනෙන්නෙ නෑ කොල්ලගෙ..


      අවුරුදු දාසයෙදි මං කොච්චර මගෙ ඇග ගැන හිතුවද? අම්මලට හොරෙන් ක්‍රීම් තලි ගෙනත් ඇතිල්ලුවෙ.. මුලු ඇගම ශේව් කරා.. කොන්ඩෙ කපන්න මං කැමති බාබර් ලඟට ඇර වෙන කා ලගටවත් ගියෙ නෑ.. විශේෂයෙන්ම කොළඹ ඉද්දි.. අයියා එක්ක ඉද්දි මගෙ මේ ගති ඇබ්බැහියක් වෙන්න ගත්තා..





        ඒ කාලෙ ඉක්මනට රැවුල වැවෙන්නෙ නැති එක තරම් ප්‍රශ්නයක් මට තිබුනෙ නැති තරම්.. ඒ කේන්තිය පිට රැවුලම කපලා දාල.. ආය එනකල් ගිහින් කන්නාඩියට කුනුහරුප කිය කිය වද දුන්නා..





සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now