මං කාමරේ දූවිලි පොදක් ඉතුරු නොවෙන්න අස් කරා...
දෙව්දුන් අයියට දූවිලි වදින පමාව ඇති හෙම්බිරිසාව වදින්න. මේ අස්සෙ සිමෙන්ති ගල්කුඩු හුනු හුලගෙ ඇවිල්ලා ෆයිල් උඩ ගොඩගැහුණ දූවිලි තට්ටු පිටින් රැඳිලා..
මේ මනුස්සයා කොහොම මේක අස්සෙ හුස්ම ගත්තද මංදා..
සේරම අස් කරලා තියල.. විදුරෙ වතුර එකත් මාරු කරලා අලුතින් වතුර එකක් ෆිල්ටරෙන් අරන් පුරවලා මේසෙ උඩින් තිබ්බ මම හැරුණෙ දැන් කාමරෙන් පිට වෙන්න වෙලාව හරි හින්දා..
ඒත් දොරකඩ සද්දන්ත බාධකයක් හිටගෙන හිටියා.
මං ඔලුව බිමට හරෝගෙන දොර දිහාට ගියෙ ඌ මාව මේක අස්සට ඇදල අරන් හිර කරගත්තත්.. යන්න ඇරල අහකට වුණත්.. කොයිකත් මට එක හින්දා.
මං දෙන්න තියෙන ඔක්කොම මුට දීල ඉවරයි..
හුස්ම ටික අරගත්තත් කමකුත් නෑ..
එච්චර බාල්දු චරිතයක් මං ඒ නපුරු ඇස් ඉස්සරහ..
" කෝ පුතා? "
" ...න'සරි එකේ. "
" හංස.... "
මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා..
" හංස මා එක්ක තාම තරහද?... "
ඒ හරුපෙ මට තේරුනේ නෑ..
" තරහද මගෙ හංස..? "
" ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?..
මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ..
මුගෙ ආච්චිගෙ වස්තරේ..
" .... මට අයිතියක් නෑ කේන්ති ගන්න. මං දන්නවා ඒක. උබ මට වැරැද්දක් කලා වගේ හැසිරෙන්න.. මට සමාවෙයං සුදූ.. මට අහන්න තිබ්බා.. දැන් උබ බබෙක් නෙවෙයි කියල හිතන්න තිබ්බා.. "
රෙද්ද..
කන පැලෙන්න ගහන්න ඇත්තම් මට..
YOU ARE READING
සියොත් විලාපය | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...