|29 |

404 74 55
                                    



      " මගෙ පුතා.... කෝ එන්න.. "




පොඩි එකා හිටියෙ කිඹුලත් අතකින් එල්ලගෙන නෙලුම් පැලේ පොහොට්ටුව දිහා බලන්...



  ගෙනාවෙම මල් පිටින්.. ඒක ලස්සන සියාම් සියපත් වර්ගයක්.. ගාණ මට කියන්නෑ මිනිහා බැනුම් අහන්න වෙන හින්දා.. ඒත් ඒකෙ හැටියටනම් එසේමෙසේ ගාණක් නෙවෙයි කියන්න මම දන්නවා.





     සාරිගප්පි දෙකතුනක් අයියා ඒකට දාල තිබුණා මදුරුවො බෝ වෙනවට. කොල්ලා නෙලුම් පැළෙයි සාරිගප්පියි ටික අස්සෙමයි දවල් තිස්සට. දවල් බත් කෑවෙත් ඒක දිහා බලාගෙන. මල පිපෙනකල් උට ඉවසිල්ලක් නැත්තෙ. පරණ මල මූ ගෙනාව දවසෙම කැඩුවා දගලලා..





    මොනර පැටියා වගේම මමත් ආස ගොඩ මල් වලට වඩා වතුරෙ පිපෙන මල්වලට. මම දන්නෙ නෑ.. ඒව වතුරෙම පිපෙන එක මටත් පොඩිකාලෙ ඉදල මහ පුදුමයක්. ඒ වගේම වතුර දාල පරිස්සම් කරන්න ඕන හින්දද මංදා... මලක් පිපෙද්දි මාරම සතුටක් ගෙනාවා ඕලු නෙලුම් මානෙල් මල්...




   ඒවගෙ සුවදත් මදාරා පරසතු වගේ දැනෙන්නෙ ඒව මායාවල්වලින් උපන්න මල් වගේ පොඩිකාලෙ ඉදන්ම දැනුන හින්දා..





   පුංචි වතුර වලක් වතුර යට පනගැහෙන ලෝකයක් වෙද්දි.. තිත්ත සාරිගප්පි පැට්ටොන්ට ඒ මල් ලොකු වහලක් වෙද්දි.. වතුර වැටුණත් ඒ මාලු නොතෙමෙද්දි... ඒව පුංචි හිත්වලට මහ අමුතු දේවල්..




   මං පුංචි නොවුණට මං තාමත් ඒ පුංචි දේවල් දිහා බලන් මොනර පැටියා වගේම සතුටක් ලැබුවා.. නොකිව්වට.







      කොල්ලා කන්කෙදිරි ගෑවෙ අයියා දෙවනි පාරත් කතා කරපු හින්දා. මං එක්ක වගේ නෙවෙයි අයියා එක්ක. තුන්වෙනි පාරක් කතා කරන්න වුනොත් අයියා සැර වෙනවා ඩිංගක්. එහෙම නැතුවත් බෑ නෙ. දැන් ලොකු බබෙක්... හුරතල් කරලම හරියන්නෙත් නෑ වැඩිහිටියන්ට ගරු කරන්න උගන්නන්න ඕන.




    " අනේ අලයා මත ඔයා එක්ක ඉන්න තෙන්නෙත් නෑ නෙ.. " මූ නෙලුම් පොහොට්ටුවට කිව්වෙ රහසින්.. ඊටපස්සෙ පොහොට්ටුව ලඟට ඇදල අරන් හාද්දක් දුන්නා.

සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now