| 28 |

412 83 67
                                    

ලියල Copy  කරන් ඇවිත් ... Publish කරන්න  කලින් නින්ද ගිය පලවෙනි ඕතර් මං නෙවෙයි ද?? ( ඒකත් 08 යි ගානකට.. ☠️💔 )


************
...








    එදා දන්සල් ගානෙ ගිහින්... මහ පාන්දර පිනිබාල මගෙ නහය බර වෙලා තිබුණා යන්තමට...




     ගෙදර ඉද්දිත් මම ඩිංග ඇත්තන් අම්මට කන්කෙදිරි ගාගත්ත ගමන්. හෙම්බිරිසාවක් වත් මට දරාගන්න අමාරුයි. හැදුනම ඉන්න හිටින්න බෑ.. ඔලුව පුපුරන්න වගේ... නහය බ්ලොක් වෙල ඒ එක්කම ඇස් ඉදන් රිදෙන්න ගන්නවා.. ඒ දවසට වතුර ඩිංගක් ඇගේ ගෑවුණත් අප්පිරියයි...





      මං නැගිට්ටෙ තැම්බුම් සුවද එක්ක ආව සිද්ධාලේප සුවඳට.. ඊටපස්සෙයි මම දැනගත්තෙ මට හෙම්බිරිසාව හැදිල කියන්න...



      අයියා කුස්සියෙ රිංගගෙන මොනාද තම්බනවා... නළලෙ සිද්ධාලේප තලියක් උලලා මගෙ.. මං එහෙම්ම ආපහු ඇස් පියාගත්තෙ ඇස් රිදෙන හින්දා ඉර එළියට.




      " මල්ලි..... " අයියා කාමරේට ආවෙ මුට්ටියක් උස්සගෙන.. ඒක බිම තියාලා මාව නැගිට්ටල ඇද අයිනෙ ඉන්දුවෙ බලෙන් වාගෙ..


    " දුම් ටිකක් අල්ලමු... කෝ.. නැවෙනවා.. "



  කිව්වට මං කරනකල් බලන් හිටියෙ නෑ.. මාව දෙකට නවලා බෙඩ්ශීට් එකක් ඇදල අරන් මගෙ ඔලුවෙ ඉදල පොරවලා... අර මුට්ටියෙ පියන අයින් කරා...




     දුමාරෙ වදිද්දි හෙනම හිරිකිතක් දැනෙන හින්දා මං නැගිටින්න හැදුවා.. ඒත් අයියා මගෙ කොන්දට අතක් තියල තල්ලු කරේ සැර දාගන..



     " ඔය දුම වැදෙන්න දෙනවා ටිකක්... සෙම බුරුල් වෙන්න.. "



      " අනේහ්.... මට නැවිල ඉන්න බෑ හුස්ම හිරවෙනවා ඕයි.. "




    "  විකාර නැතුව ටිකක් ඉවසනවා මැට්ටො.. උස්ම ගන්න ලේසිවෙන්නනෙ දුම් අල්ලන්නෙ.. "





   මං කොච්චර කන්කෙදිරි ගෑවත් අයියා ඔලුව උස්සන්න නොදී අල්ලන්ම ඉද්දි මට කේන්ති ආවත්.. හොටු බෙහෙත් වාශ්පෙට දියවෙල වතුරට වැටෙන්න ගත්තම හෙන සනීපයක් දැනීගෙන එන්න ගත්තා... මං එහෙම්ම තව ටිකක් හිටියෙ ඒකයි. හුස්මගන්න තව ලේසි වෙද්දි අයියා දීපු ටිශූ කඩදාසි කෑල්ලක් අරන් මං නහය සීරුවා..




සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now