"Lavender flowers represent purity, silence, devotion, serenity, grace, and calmness. Purple is the color of royalty and speaks of elegance, refinement, and luxury, too.."මෙච්චර වෙලාවක් මම හිටියෙ නිදාගන්න බැරිකමට මගෙ අතේ තිබුන Flower Dictionary එක දිහා බලාගෙන...
මේක මහ විසාල පයින් ලී වලින් හදපු පිටු තියෙන-රෝස් ගෝල්ඩ් රෝමන් වැල් අකුරෙන් ලියවුනු මායාකර්ම පොතක්...බැලු බැල්මට හරිම සාමාන්‍ය-හැබැයි ටිකක් විතර ගැබුරෙන් හිතලා බැලුවොත් සම්පූර්ණ ලෝකයක් ම යටත් කරගන්න පුලුවන් තරම් මායාවන් ගොඩක මූල කේශ කැටිකරලා හදපු ආධ්‍යාත්මික පුශ්ප එකතුව!! බැලු බැල්මට පිටින් දකිද්දි මේක නිකම් කොල පන්සීයක් විතර එකතු කරලා හදපු-කලු දුඹුරුපාට ලෙදර් එකෙන් කවරයක් එක්ක හදපු පොතක්...පොතේ ඉස්සරහාම කවරෙ උඩ කොනේ මැදට වෙන්න තිබුනේ රත්තරනින් අන්දවපු ලිලැක් මලක්..ඊටත් යටින් මොනවදෝ මන්දා නොදන්න වචන පේලියක් එක්ක Dolunay High School එකේ ලාංඡනේ....පොත ඇතුලෙ තිබුන හැම පිටුවක් ම පාහේ මුලු පොතම පිරිලා තිබුනෙ එක එක විදියෙ ආධ්‍යාත්මික පුශ්ප ගැන තිබුන විස්තරවලින්...මෙතන මල් එකක් දෙකක් දැන නෙමෙයි...මල් දාස් ගානක් හැන විස්තර ඇති..ට්‍රයිඩැක්ස්-ඩැෆඩිල්-ලිලී-ජෙස්මින්-සන්ෆ්ලවර්-ලැවෙන්ඩර්-ලෝටස්- නමෙන් කියල ඉවර කරන්න බැරි තරමෙ ආද්‍යාත්මික පුශ්ප ප්‍රමානයක් ගැන විස්තර පුරවලා තිබුන පොතක් මේක.බැලු බැල්මට පිටු පන්හයසීයක පොතක් උනාට ඇත්තටම මේ පොතේ පිටු ඊටත් වැඩි මිසක් අඩු නැතුව ඇති..
The color purple is also associated with the crown chakra, which is the energy center associated with higher purpose and spiritual connectivity..
ලැවෙන්ඩර් මල ගැන විස්තර කරලා තිබුන වාක්‍යංශ දාහකට විතර පස්සෙ ලැවෙන්ඩර් මල වෙනුවෙන් ලියවිලා තිබුන අන්තිම වාක්‍යය පේලිය දිගේත් මම ඇස් ගෙනිච්චා!!..
ලැවෙන්ඩර් මල ගැන සඳහන් කරලා තිබුන පොත් පිටුව පෙරලද්දිම පොතෙන් මතු උනු හරි ආස හිතෙන විදියෙ දම්පාට ලැවෙන්ඩර් මල තවම තිබුනෙ මගේ පොත උඩ..බේබි පර්පල් කලර් ලැවෙන්ඩර් මලයි-ලා ගුරුපාට පයින්ස් පොත් පිටුවයි-රෝමන් අකුරින් ලියවුනු රෝස්ගෝල්ඩ් පාට විස්තර ටිකයි-පාඩම් කරන්න අමාරු උනාට ඇත්තටම ඒ දේවල් දෙක තුන එක තැන දකිද්දි හරි ලස්සනයි...
YOU ARE READING
AMORA || ᴏɴɢᴏɪɴɢ
Фэнтези"උඹේ ඔය පපුව තමයි මගේ ගෙදර..එතනදි තමයි මට-මම ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ.." ~අව්යාන් "එහෙනම් අවසර දෙනවද මේ වතාවෙවත් අතෑරෙන්න දෙන්නෙ නැතුව පරිස්සමට පපුව ඇතුලෙ හංගගන්න..වැස්සකට පිට කෙනෙක් ගෙදරට ගොඩකරගත්තා කියලා පහුගිය වතාවෙ මට දුන්න දඬුවම නම් හොඳටම ද...