මගේ ඇඟේ ඉඳපු මාලු සියලු දෙනාම එකා එකා පිලිවෙලට ගිහින් ඒරියන් විලට පැනලා නටද්දි මම හිටියෙ යක්ශ කේන්තියක් ගිහිල්ලා...
ඇත්තමයි මට වෙලාවකට පුදුම තරහක් එන්නෙ අපෙ අම්මත් එක්ක...දැන් මාසෙක විතර තිස්සෙ අපෙ අම්මට සෑහෙන්නම ලොකු අමාරුවක් ඇදිලා තිබුනා මාවත් ඇදගෙන 'ඩෙමිර්' දෙවියන්ගෙ දේවාලෙට යන්න...මම කොයි තරම් බෑ බෑ කිව්වත් අපෙ අම්මා නෙමෙයි මම කියන දෙයක් කනකටවත් ගන්නෙ...බෑ කියන කියන සැරක් ගානෙම අපෙ අම්මා කරන්නෙ අර උඹලග සැප වැඩී පටිය ප්ලේ කරන එක...
අපෙ අම්මාගෙ ඔය බණ පටිය ඇහිලාම දැන් මට කට පාඩම් වෙලා තියෙන්නෙ..මට කොච්චර කටපාඩම් වෙලා කියල අපෙ අම්මාට කිව්වත් අම්මා නෙමෙයි කනකට ගන්නෙ..මම අම්මට කිව්වොත් අම්මෙ මට ඔයාගෙ ඔය දෙඩවිල්ල අහිලම දැන් කට පාඩම් කියලා අම්ම එතකොට කරන්නෙ එයාගෙ අර බජන් ගායනාවෙ තාලෙ පොඩ්ඩක් වෙනස් කරනවා...වෙනස් කරලා සුපුරුදු තැටිය හැබැයි අතිශය උච්ච ස්වරයෙන් ප්ලේකරන්න ගන්නවා අප්පච්චිගෙන් එයාට අවදානෙ ලැබෙනකම්...ඊටත් පස්සෙ ඉතින් ඇති පදම් අප්පච්චිගෙ අවදානෙත් ඉල්ලගෙන අප්පච්චිවත් ෆෝම් කරලා අප්පච්චිට කියලා මටත් බැනුම් අස්සවලා-ඊට පස්සෙ කොලු පැටියාට බනින්න එපා කියලා අප්පච්චිටත් බැනලා-ඊටත් පස්සෙ ඇයි දැන් මම මොකක්ද කරේ කියලා අප්පච්චි ඇහුවම ඔව් ඔව් දැන් බලාගෙන යද්දි කවුරුවත් මොකවත් කරලා නෑ මම තමයි ඔක්කොටම වැරදිකාරයා කියලා අම්මා ආයෙම හැච පැච ගාන්න ගන්නවා..ඊට පස්සෙ ඔය අතරමැද වැරදිලා හරි අපේ ආදිත්‍ය බාප්පා හරි රිත්වික් අයියා හරි කිට්ටුවක හිටියොත් උන් දෙන්නවත් අල්ලගෙන අතිශය අමානුශික ලෙස උන් දෙන්නටත් බනිනවා...ඒ බනිද්දි වැරදිලා හරි උන් දෙන්නගෙන් එක්කෙනෙක් අපෙ අම්මට හරහට වචනයක්වත් කිව්වොත් එයාගෙ අර චට පට තැටිය නවත්තලා දියවෙලා යන්න ගන්නවා...වැරදිලා හරි අපෙ අම්මා තරහා උනා කියන්නෙ එදාට අපි එකෙක්ටවත් කන්නත් නෑ...
පහුගිය කාලෙ දවසක් රිත්වික් අයියා බ්‍රයන් අයියා එක්ක මරාගෙන ඕකට අපෙ අම්මට මල පැනලා ඉද්දි රිත්වික් අයියාව බේරන්න ඒ මැද්දට ආදිත්‍ය බාප්පා පැනලා අන්තිමට ආදිත්‍ය බාප්පාව බේරගන්න අප්පච්චි මැද්දට පැනලා අප්පච්චිත් අම්මාගෙන් සඳ බොඳවෙන්න අහගෙන-අන්තිමට කොහොමද මන්දා කැරකිලා ඔය බැනුම මගෙ පැත්තට ඇවිත් මමත් බැනුම් අහලා අන්තිමට කිසිම හේතුවක් නැතුව අම්මම බැනලා අපි අඬන්න ඕන එකට ඒකත් අපේ උදව්වට වගේ අපෙ අම්මම අඬලා අපි කට්ටිය එක්ක සතියක් විතරම තරහා වෙලා හිටියා...ඒ තරහා වෙලා ඉඳපු සතියටම අපි හතර දෙනාටම කන්න දුන්නෙ ගස්වල දලුයි කොලයි අලයි පලයි විතරයි..ඒ ඇරෙන්න වෙන එක කෑමක්වත් හදලා දුන්නෙ නෑ ඕන්නම් හදාගෙන කාප්පලා කියලා..කොහොම හරි ඉතින් අම්ම දුන්න වද වේදනාවල් දරාගන්න බැරුව රිත්වික් අයියා ගිහින් අඬ අඬ සමාව ගත්තට පස්සෙ අම්මගෙ හිත ඒ තුන්දෙනා ගැන උනුවෙලා ගිහින් තිබුනා...ඒත් කියන්න දුකයි ඒ වෙද්දිත් මම ගැන අපෙ අම්මාගෙ හිත උනුවෙලා තිබුනෙ නෑ..කොහොම හරි ඉතින් අම්මාගෙ අනුකම්පාව ඉල්ලගන්න ඕන නිසා අන්තිමට මට සිද්ධ උනේ පුරහඳ දවසක් අල්ලලා යුවයින් විලට පනින්න..කොහොම හරි ඉතින් මම හිතා මතාම විලට පැන්නෙ පුරහඳ දවසක නිසාත්-පුරහඳ දවසට මගේ සමුඳ්ර ශක්ති එකක්වත් වැඩ නැතුව යන නිසාත් යුවයින් විල මැද්දෙම මට අම්මට හුඩුවෙලා ගියා~
YOU ARE READING
AMORA || ᴏɴɢᴏɪɴɢ
Fantasy"උඹේ ඔය පපුව තමයි මගේ ගෙදර..එතනදි තමයි මට-මම ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ.." ~අව්යාන් "එහෙනම් අවසර දෙනවද මේ වතාවෙවත් අතෑරෙන්න දෙන්නෙ නැතුව පරිස්සමට පපුව ඇතුලෙ හංගගන්න..වැස්සකට පිට කෙනෙක් ගෙදරට ගොඩකරගත්තා කියලා පහුගිය වතාවෙ මට දුන්න දඬුවම නම් හොඳටම ද...