04 කොටස

24 2 0
                                    

නමට මගෙ හොඳම යාලුවා කියන කැලෑ සුනඛයා මුලින්ම මාව අර කොහෙද ගුහාවක් අස්සෙ තියෙන පොල්කට්ටක් විතර ඔන්ඩීන් විලට ගිහින් අතෑරියා...ඊටත් පස්සෙ ආයෙම බලෙන්ම මාව මේ දේවාලෙ අස්සට ගෙනල්ලා අතෑරියා..ඒකත් මගේ ඌමනාවකින්වත් නම් කමක් නෑ-ඌ මාව මේ මගුලෙ ගෙනාවෙ බලෙන් මගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරලා...ඒක හෙනම තිරිසන් වැඩක්...!!ඊටත් වඩා ඇතෑරියෙත් නිකම් නෙමෙයි මාව මේ වංකගිරියක් වගේ මාලිගාව ඇතුලෙ හොඳටම අතරමන් කරලා දාලා...

"ඩෙමිර් දෙවියංගෙ මාලිගාව.."

මටම මුමුනගත්ත මම ලොකු හුස්මක් පහල දැම්මෙ කර කියාහන්න දෙයක් නැතිම තැන...

මේ කියන ඩෙමිර් දෙවියන්ගෙ මාලිගාව සෑහෙන්නම විශාල එකක්...ඒක මාලිගාවෙ පවුරෙ එලියෙ ඉඳන් බැලුවත් ඕනාවටත් වඩා ඒත්තු ගැන්වෙනවා.. හරි විදියට කිව්වොත් නම් මේක ඩෙමිර් දෙවියන්ගෙ මාලිගාවමත් නෙමෙයි..

මේක 'ත්‍රිදේවයන්ගෙ මාලිගාව..' GRAND MASTER KYREE,GREATEST DEMIR,GOD YVAINE කියන තුන්දෙනාටම එකතැන වන්දනාමාන කරන්න පුලුවන් වෙන්න හදලා තියෙන ආශිර්වාද දෙවොල...දෙවිවරු තුන්දෙනෙක් වෙනුවෙන් හදලා තියෙන තනි දෙවොලක් නිසාම මේක කොහොමටත් සාමාන්‍ය දෙවොලකට වඩා තුන් ගුනේකටත් එහා විශාලයි..අනික මෙතන තියෙන ගල් කැටයක පවා තියෙන්නෙ මෙච්චරක් කියලා කියලා අවසන් කරන්න බැරි තරමේ සෑහෙන්නම මිල අධික දුර්ලබ බවක්..මේ දෙවොල ඇතුලෙ මේතරම් වෙලාවක් ඇතුලත මම දැකපු හැම ප්‍රතිමාවක් ම කිරිඟරුඬෙන් හදපුවා වෙද්දි දෙවොල හදලා තිබුන බිත්ති පවා පින්තාරු කරලා තිබුනෙ කිරිඟරුඩ-දියමන්ති මුහු උන සමර විශේෂයකින්..මිරානාවල අනික් හැම තැනකටමත් වඩා මේ තැන දිව්‍යමය බව පුදුම තරම් කැපිලා පේනවා...

එක අතකට කොහොමටත් එහෙම වෙන්නත් එපැයි...ත්‍රිදේවයන්ගෙ දේවාලෙ,එහෙමත් නැත්නම් ඩෙමිර් දෙවියන්ගෙ භවන කියන්නෙ සුලුපටු ආද්‍යාත්මික ශක්තියක් තියෙන තැනක් නෙමෙයි කොහොමටත්...මෙතන තනිකරම සක්වලට පවා දරාගන්න බැරි තරමේ ආධ්‍යාත්මික ශක්තීන් තුනක් එකතු උන තැනක්...

සක්වල ශිෂ්ටාචාරයෙ නිමවුම්කාරයා ග්‍රෑන්ඩ්මාස්ටර් කයිරීයි-සක්වල ආරක්ශකයා ගොඩ් ඩෙමිරුයි-සක්වල දුශ්මායා පිරිසිඳු කරන්නා ගොඩ් යුවයිනුයි තුන්දෙනාගෙ අසීමිත ශක්තීන් එකතැනක එකතු වෙනවා කියන්නෙ ඒක හිතාගන්න බැරි මට්ටමේ දෙයක්..

AMORA || ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now