02 කොටස

33 2 0
                                    

"අපේ ජීවිතවලට සමහර ප්‍රශ්න එනවා බන් නිහඬකම තමයි ඒ ප්‍රශ්නවලට හොඳම උත්තරේ...කෑ ගහලා තර්ක කරා කියලවත් පොලවෙ හැපීගෙන ඇඩුවා දෙඩුවා කියලාවත් ඒ ප්‍රශ්නවලට ලැබෙන උත්තරයක් නෑ...ප්‍රශ්නෙ මොක උනත් ඒ වෙලාවට කරන්න ඕන ඇස් කන් නෑ වගේ මුඛ මාර්ගෙයි ගුද මාර්ගෙයි දෙකම පියාගෙන පැත්තකට වෙන එක..එතකොට අර විසඳගන්න බැරුව උඩබිම ගැටගහපු සමහරක් ප්‍රශ්න ඉබේම විසදෙනවා...."

අයියෝහ් මට නම් තව බෑ මුගේ මේ ඇඬියාව අහගෙන ඉන්න..!

මම දැන් පැයක තිස්සෙ මුගේ මේ කන්දොස්කිරියාව අහගෙන ඉන්නෙ දැන් ඉවරවෙයි දැන් ඉවරවෙයි කියලා...ඒත් කෝ මේකාගෙ මේක ඉවරවිල්ලක්..එන්න එන්නම මේ බල්ලාගෙ ඇඬියාව වැඩිවෙනවා මිස අඩුවිල්ලක් ඇත්තෙම නෑ..

'අඤේ ශෂන්ක් මම දැන් මොකද කරන්නෙ.'
'ඇඤේ බන් මම හිතුවෙ නෑ එයා මට එහෙම කරයි කියලා.'
'ලස්සන උනාට එයා හෙන නපුරුයි බන්ග්.'
'මම එයාට ක්‍රශ් උනාට එයාට මගෙ ගැන ගානක්වත් නෑ බන්ග්.'

මැඩම් අවුරෝරාගෙ ක්ලාස් එකෙන් අපි එලියට ආවෙ මීට පැයකට කිව්වුව කලින්..ඒකත් හෙන ලේසියෙන් නෙමෙයි සෑහෙන්නම වෙහෙසක් අරගෙන...

ක්ලාස් එක මැද්දෙ නිදාගෙන අච්චර බැනුම් අහලා මෙලෝ බල්ලක්ට දවසක් ඇතුලත කරල ඉවරකරගන්න බැරි විදියෙ මරාලයක් පටලව ගත්තට පස්සෙත් මේ බල්ලට ආයෙම උගෙ අර මෙලෝ රහකට නැති ගොන් ආතල් ටික ලොකු උනා...සාමාන්‍යයෙන් අබ ඇටයක් තරමෙවත් මොලයක් තියෙන එකෙක් නම් මැඩම් අවුරෝරාගෙ හැටි දැන දැනම-ඊටත් අච්චර බැනුම් ඇහුවට පස්සෙවත් පොඩ්ඩක් ආයෙම අද දවස ඇතුලත නෝට් නොවී ඉන්න බලනවා..මේ යකාට එහෙමවත් අංශු මාත්‍රෙක මොලයක් ඇති එකෙක් නෙමේ...බල්ලෙක් වගේ බැනුම් අහලා අම්බානෙක කෑමක් ඉල්ලගත්තට පස්සෙ ත් මේ බල්ලා කරේ අතේ තිබුන ෆ්ලවර් ඩික්ශනරියෙන් ම කොලයක් ඉරලා අරගෙන කුරුල්ලෙක් හදලා පැත්තකට වෙලා පාඩම අහගෙන ඉඳපු අහින්සකයා ෆීනික්ස්ට ගැහුව එක...හැබැයි මෙහෙමයි ඉතින් ඒ බල්ලා කරෙත් පාඩම අහගෙන ඉඳපු එක නෙමේ ආසනේ රත් කර කර නිදි කිරපු එක..අනික ඔය කුරුලු කොබෙයියට කාටවත් නැති විශේශ දක්ශතාවයක් තියෙනවා ඇස් දෙක ඇරගෙන නිදාගන්න..ඌ එවලෙ හිටියෙ අන්න ඒ දක්ශතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක..කොහොමින් කොහොම හරි පාඩුවෙ සයිඩ් ගහලා නිදාගෙන ඉඳපු එකාට මූ අර හදපු කොල කුරුල්ලගෙන් කෙලලා ඇරියා..සූස් ගාලා සද්දෙකුත් දාගෙන ගිහින් ඒක අරකාගෙ බෙල්ල පිටිපස්සෙ ඇනුනාම නිදාගෙන ඉඳපු එකපාරට බයවෙලා පපුවත් අල්ලගෙන පිටිපස්සට පැන්නා .කොහොමින් කොහොමින් හරි ඒ යකා පිටිපස්සට පැනපු පාර පැන්නෙ වාඩිවෙලා ඉඳපු මේසපුටු ඔක්කොම පෙරලගෙන..අන්තිමට කොහොම හරි මුලු ක්ලාස් එකටම ඌ බලවෙලා වැටුනු එක ආතල් එකක් වෙලා මුලු ක්ලාස් එකම බක බක ගාලා හිනාවෙන්න ගත්තා..ඔය සිද්දිය වෙන්න ඇත්තෙ කොහොමත් මේ යකා බැනුම් අහලා ඕනි නම් උපරිම විනාඩි පහක් හරි දහයක් හරි ඇතුලත...ඔය විනාඩි පහ ඇතුලත උපරිම මැඩම් අවුරෝරාට එක සෙන්ටිග්‍රේඩ් එකකින්වත් කූල් වෙන්න වෙලාවක් වෙන්න නැතුව ඇති..ක්ලාස් එකේ හිනා සද්දෙත් එක්ක මැඩම් අවුරෝරා අනික් පැත්තට හැරුනෙ උනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරුව උනත් වෙච්ච දේ ප්‍රොසෙස් කරගත්තට පස්සෙ මැඩම් අවුරෝරාට ක්ලාස් එක මැද්දෙ හාර්ට් ඇටෑක් එකක් නාව ටික විතරයි..මම හිතන්නෙ මැඩම් අවුරෝරාගෙ ක්ලාස් එකක ඔච්චර වීරකමක් කරපු එකම එකා රියාන් වෙන්න ඇති..! අම්මොහ් එවලෙ මාස්ටර් අවූරෝරාගෙ මූන..මතක් වෙද්දිත් මාව පිච්චිලා යන ෆීලින් එකක් එන්නෙ...

AMORA || ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now