06 කොටස

36 1 0
                                    

"දැන් එතකොට ඔය ලමයින්ට මොනවා ගැනද විස්තර හොයාගන්න ඕනි...DOLUNAY WEEK එක ගැනද..."

මෙච්චර වෙලාවක් අත් දෙකත් එකට බැඳගෙන අපි කියපු සියලු විස්තර සාවදානව අහගෙන ඉඳපු ඩ්‍රේක් අයියා අපි කට්ටිය දිහා බලාගෙන හෙන සීතල විදියට ඇහුවා...

"ඕහ්~ ඒක ගැන හොයාගන්නත් ඕනි..ඒත් එක්කම DOLUNAY HIGHT SCHOOL එකේ හිස්ට්‍රි එක ගැනත්...මේ ඉස්කෝලෙ හැදුවෙ කවුද?මොන පරමාර්තෙකින් ද හැදුවෙ?? හදන්න හේතුව මොකක් ද?? ඒ වගේ දේවල් ගැනත් විස්තර හොයාගන්න ඕනි..ආයෙ එතනින් එහාට ත්‍රි දේවයො ගැනත් හොයාගන්න ඕනි...විශේශයෙන්ම තුන්දෙනාගෙන් ලොක්කා ගැන.."

"ග්‍රෑන්ඩ්මාස්ටර් කයිරී?? "

ග්‍රේසන් කියද්දි ඩ්‍රේක් අයියා උගෙන් ඇහුවෙ ඇහුන එක ආයෙම කන්ෆර්ම් කරගන්න වගේ මහ අන්ශුවර් වොයිස් එකකින්..

"ඕහ්...එයා ගැන තමයි..ගොඩ් ඩෙමිර්ලා-ගොඩ් යුවයින්ලා නම් ඉතින් දැනටත් සීන් එකේ ඉන්න අයනෙ..අනික ඒ අය ගැන ඇති පදම් ස්කූල් එකේ හිස්ට්‍රි සබ්ජෙක්ට් එකට අපි ඉගනගෙන තියෙනවා...ඒ උනාට ඔය තුන්දෙනාගෙනුත් ලොක්කා-කයිරී ගැන මෙලෝ හසරක් ඔය සිලබස් එක ඇතුලෙ අපිට උගන්නලාත් නෑ..එහෙන් මෙහෙන් ඇහිච්ච එහෙන් මෙහෙන් පරස්පර කතා වික විතරයි අපි දන්නෙ.."

ඒ අස්සෙ රියානයා මැද්දට පැනලා කිව්වෙ මගෙ දිහාත් හෙන හොර විදියට බලන ගමන්..නෑ නැ කිව්වට මේ බල්ලට දැන් කොල්ලොන්ටත් නගින්න පටන් අරන්ද..?? ඒකත් මූට නගින්නෙ මාව දැක්කමද දැන් එතකොට...

"ඩොලුනායි වීක් එක ඕගනයිස් කරන්න ග්‍රෑන්ඩ්මාස්ටර් කයිරී ගැන මොකටද බන් මල්ලි.."

ඒකත් ඇත්ත හැබැයි..කොහෙද ඉතින් මුන්ට දෝදුනෙ බං අයියෙ...ජීවිතේට අහලා දැකලා නැති ඔය ග්‍රෑන්ඩ්මාස්ටර් කයිරී කියන ඩයල් එකට නම් මම එච්චර ආසත් නෑ හැබැයි..

"ඉතින් හලෝ ඩොලුනායි වීක් එකට බේස් එක වෙලා තියෙන්නෙ එයානේ-අනික අර මෙමෝරියල් ඩේ එක එහෙම කොහොමත් තියෙන්නෙ එහා වෙනුවෙන්නෙ නම කියලා විශේශෙන් නොකිව්වට.!?"

ආයෙම රියානයා මැදින් පැනලා ක්ලීනින් සර්විස් දෙන්න ගත්තා...

"හරක් වගේ හිටියාට උබලටත් චුට්ට චුට්ට මොලේ තියෙනවා එහෙනම් නේ-??

AMORA || ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now