🌸නව වන දිගහැරුම~

21 4 9
                                    

ටේහ්‍යුන්ගේ මූනේ තිබ්බේ බැරැරූම් පාටක් දවස් කීපයකට කලින් මතකෙට එන යන රූපේ කවුරු කොහොම කෙනෙක්ද කියලා විස්වාස නැති උනත් ඒ හැඩහුරුකම ගැන ටේහ්‍යුන්ග් කල්පනා කලා,ඔහ්...සමහරවිට එයාගේ අප්පා එයාට ගෙනාපු යෝජනාවේ ගෑණුළමයද??

ජන්කුක් එකපාරට කඩාගෙන බිදගෙන කාමරේ ඇතුලට දුවන් ආවම ජන්කුක් දිහා ටේහ්‍යුන්ග් නොරිස්සුම් විදිහට බැලුවා,ඇයි ඔහොම බලන්නේ වගේ ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ව ගණන් ගත්ත පාටක් නම් තිබ්බේ නෑ!!

"එ...ඒන්ජල්...ම්ම්.නෑ නෑ...ජුන්කුක්- නෑ මොකද මට මතකනෑ ආඅහ්හ්හ්...කමන්නෑ ඇයි මොකද??"

"අම්...ට්..ටේහ්‍යුන්ග් සං...ම්..ක්..කෑම කමුද?? බෙහෙත් බොන්නත් එපැයි"

ටේහ්‍යුන්ග් ටික වෙලාවක් ඒ කළු ඇස් දිහා බැලුවා,මොකක්ද ඒ ඇස් වල විශේෂත්වය,කොහොමද ඒ කළු ඇස් ටේහ්‍යුන්ගේ මනසට නිතරම එන යන එකක් උනේ?? කවුද එයාට ඒක එහෙමයි කියලා හරි කීවේ???

නාන්නාදුනන නමුත්,
හොදින් හදුනමි..!

ජන්කුක්ගේ හිනාව දිහා බලලා ටේහ්‍යුන්ග් ලාවට හිනා උනා,එකපාරටම ආපහු ආව මතක පෙලත් එක්ක සුදුමැලි උන ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇගට වාරු උනා,එයා ජන්කුක්ගේ උකුලට බර උනාම ජන්කුක් ටේහ්‍යුන්ගේ මූන දිහා නොබලම අහක බැලුවා,

ඇයි අහක බලන්නේ ජන්කුක් සං,ඒ කොල්ලගේ බැල්මට තව රිදෙයි කියලද??

"මට...සමාවෙන්න හ්‍යුන්ග්...මගේ ඒන්ජල් අඩනවද ඔය??"

"ම්ම්..නෑ...ටිකක් රිදුනා...ටේහ්‍යුන්ග් සංට මාව අමතක වෙලානේ"

ජන්කුක් කීවේ නොරිස්සුම් විදිහට,ජන්කුක්ගේ රෝසපැහැ කම්මුල් රතුපාටට හැරිලා එයාට දුක හිතිලා කියලා ටේහ්‍යුන්ග්ට ඔප්පු කරනකොට,ටේහ්‍යුන්ගේ ඇස් ආදරණීයව බර උනේ ජන්කුක් දිහා බලපු එක බැල්මකිනුත් එයා නිවෙන නිසා,

ඔව් වෙන්නැති,
ඒ බැල්මටම ටේහ්‍යුන්ග් නිවෙන්න ඇති!!

සකුරා වසන්තය [completed]Where stories live. Discover now