🌸අටවන දිගහැරුම~

16 4 8
                                    

ඔයා මොනාද දන්නේ ජන්කුක් සං ඒකපාර්ශ්වික ආදරේ ගැන?? මොනාද දන්නේ?? ඔව් දන්න කෙහෙම්මලක් නෑ!! ටේහ්‍යුන්ග් නිදාගෙන ඉන්න කොට්ටේ පෙගුන කදුලු අතරම ඒ පිරුණු කම්මුලකින් ජන්කුක් හුස්මක් පිම්බා..උනුසුම්...ඒත් රිදෙන හුස්මක්..!!

ඒක හරියට සුදුපාට මලකට
රතුපාට තීන්ත කවනවා වගේ!!

පැහෙන්න බැරි රිදීමකටත් පස්සේ
හිතක් අමෝරගෙන එක වේදනාත්මක ඔපෙරාවෙන්
තවත් ගැස්සෙන 'ලබ් ඩබ්' සද්දේ එක්ක

තොරතෝංචියක් නැති ඔයාගේ කියවිල්ල
අන්තිමේට හිත අස්සේ එන හිරිවැටිල්ල
වැඩියෙනුත් එක්ක මගේ පපුවට
වැඩියෙන් කාවද්දනවා පුංචි පිකාසෝ

හීනියට හරි හිනා උනාට
රිදෙන මගේ හිතට
තවත් පිහියකින් ඇනපු උබම
ලස්සන වග දෙඩුවම
මාත් මෝඩකමට හිනා වුණා මතකයි ලාවට

ඒත් සුදුපාට මලක් ඇතුලේ
කැටිගැහිලා එලියට විදින ලේ පොරෝන
කෑගහලා කියන්නේ වේදනාව උනාට
ලේ පාට කියන්නෙත් කලාවක් බවයි
නොදන්න කමට පුංචි පිකාසෝ කිවේ

හරි මම එකගම වෙන්නම් ඔයාට
කරුණාකරලා තදින් ඔය වචන විදිල්ල නවත්තන්න
වැරෙන් අතුපාරක් නිසා කම්මුල් රිදුනාට
තාවකාලික නොවන පිහි ඇනුම් ඇතුලේ
ලේ පොරෝන කිහිපයක් පිට වෙන්නේ වේගෙට

කවමදාකවත් මනුස්සයෙක් ඇතුලේ
අලුත් වර්ණක නොහොයන්නම
පුංචි පිකාසෝ වග බලාගන්න
සුදුපාට උබේ මල මගේ
නිසොල්මන් හීතල සිරුරට කර තියාගෙනම

මගේ පුංචි පිකාසෝ!!

ඒක හරියට සුදුපාට මලකට
රතු තීන්ත කවනවා වගේ!!

ඒක අලුත් කලාවක නම් දැරුවත්
රතු තීන්ත වෙනුවට එතන තියෙන්නේ
වේදනාත්මක ඔපෙරාවෙන් හෙම්බත් උන
නතර උන හදවතක අවසාන හුස්ම පොද වග!!

#ජන්කුක් ජියෝන්

ජන්කුක් අන්තිමේට ඩයරියේ පිටිපස්සේ කටුවට ලියලා දැම්මා,ආදරේ කරන්න බය වෙන්න ඕනේද?? ඒකත් මෙච්චර පොඩි කොල්ලෙක් අල්ලන් තමුන් නටන නාඩගමට හරිහපන් පැහැදිලි කිරීමක් ඔහෙට තියෙනවාද ජන්කුක් සං??

සකුරා වසන්තය [completed]Where stories live. Discover now