🌸තුන්වන කොටස

20 7 18
                                    

සුපුරුදු පරිදි මැච් එක දිනපු කිම් ටේහියුන්ග් කියන නොසන්ඩාලයා හරිම වේගෙන් වේගෙන් එයාගේ ගෙදර යනගමන් හිටියේ,රේස් කරන බයික් එකේ සද්දෙට පිටිපස්සෙන් එන මිනිස්සු හැරි හැරි බලන්න ගත්තා,ස්පෝර්ට්ස් බෑග් එක දාගෙන ශෝටයි ටී එකයි ගහන් ඉන්න කොල්ලා ෆුල්ෆේස් හෙල්මට් එකක් තිබලත් ඒකත් නැතුව හරිම වේගෙන් රේසර් එක ඇල්ලුවා,

කලර් ලයිට්!!

කිම් ටේහියුන්ග් අකමැතිම දේ වෙයිටින්ග්!! ටයිම් ස්කිප් කරන්න ටේහියුන්ග් කැමතිම නෑ!! දඩබ්බර කම බේරේන කොල්ලා බයික් එකත් නවත්තගෙන හොද හුස්මක් ගත්තා,කිම් ටේහියුන්ග් සන්සුන් වෙන්න,දිස් ඉස් ඔන්ලි ටූ මිනිට්!!

ටිකක් කරුවල වෙලා තිබ්බ අහස එක්ක ටේහියුන්ග් නතරවෙලා ඉන්න තැන පැරණි බවක් තිබ්බා ක්‍යෝතෝ වල ගොඩක් තිබ්බේ ඒ වගේ තැන් තියෙන එක හ්‍රිම සාමාන්‍යයි!! ඒ වගේම ටේහියුන්ගේ ඇස් වලට මනුස්සයෙක් හම්බෙන එක අසාමාන්‍යයි!!

සුදුපාට ලොකු බැගී ශර්ට් එකකට දිග රෝසපාට ට්‍රවුසර් එකක් ඇදලා සුදු ශූස් එක්ක කැප් එකත් රෝසපාටින්ම දාගෙන යන සුරදූත පැටියෙක් කිම් ටේහියුන්ගේ දර්ශන පථයට අහු උනා!!

එයා නම්...ඒන්ජල් කෙනෙක්!!

පීප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

පිටිපස්සෙන් ආව වාහනේ හෝන් කරනකොට ගැස්සුන ටේහියුන්ග් ඉක්මනින් බයික් එක වංගුවෙන් හැරෙව්වා,ටේහියුන්ග්ට පෙණුනා අර කොල්ලා වංගුව ඇතුලේ කුරුළු පැටව් එල්ලපු හුරුබුහුටි ගෙදරක් ඇතුලට යනවා,ඒ කෙනා දැකලා තියෙනවා වගේ හිතුනත් ඔලුව දෙපැත්තට ගසපු කොල්ලා එතනින් වේගෙන් බයික් එක අරන් ගියා,

ටේහියුන්ග් කෙලින්ම ගියේ එයාගේ අප්පාගේ කැබින් එකට ආවත් හරි ටේහියුන්ග්ට බැල්මක්වත් අප්පාගෙන් නම් ලැබුණේ නෑ!! ජපනේ ඇතුලේ කොරියාවක් බිහිකරන එයාගේ අප්පා කිම් හ්‍යුන්බික් දිහා ටේහියුන්ග් හැගීම් විරහිතව බලන් හිටියා!!

ඔයා නෙන්ජි මහල් සංකීර්ණයට ඔය බෝඩින් එකෙන් මාරුවෙන්න ඕනි!!

ඒත් අප්-

මට ඉහලින් කතාකරන්න කොහෙන් ආව හයියක්ද?? දැන්ම බඩු ලෑස්ති කරගන්නවා!! හෙට උදේ ඉරපායන්න කලින් තමුන් එතන ඉන්න ඕනි!!

සකුරා වසන්තය [completed]Where stories live. Discover now