🌸පස්වන කොටස

15 6 4
                                    

රෙජිමේන්තුව ඉස්සරහින් නැවතුන ටේහ්‍යුන්ගේ බයික් එකෙන් ජන්කුක් බැස්සාම ටේහ්‍යුන්ග් හෙල්මට් දෙකත් බයික් එකෙන් එල්ලලා අවසන් කටයුතු තියෙන තැනට ගියා,ජන්කුක් අඩලම හැගීමක් නැතිව යනකොට ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ වාරුවත් අරන් අවසන් කටයුතු තියෙන තැන තකහශිගේ පින්තූරේ ගාව ඉදන් තකහශිට ආචාර කරනකොට ජන්කුක් ආයෙම අඩාගෙන ගිහින් මල් පිරිච්ච තකහශිගේ පින්තූරේ බදාගත්තා,

කොච්චර වේදනාවක් ඒ හිතේ තියෙනවද කියලා කොහොමද කියන්නේ ජන්කුක්??

මතක් වෙන්නෙවත් නැද්ද මාව රත්තරනේ?? අපිට බැරි වෙයි මේ පාර එකට වූල් ගොතලා අර පොඩි ළමයින්ට දෙන්න නේද??

එකට සකුරා බලන්න යන්න,ඒ මල් යට ඉන්න ආදරවන්තයෝ එකතුවෙලා ගන්න පින්තූර දිහා මම බලාගෙන ඉදිවි තනියම...

නේද තකහශි...

සමාවෙන්න මට...මට තිබ්බා ඔයා නතරකරන්න...ඔයාට ඕනේ උනේ වීරයෙක් වෙන්න...දැන් ඔයා වීරයෙක් තකහශි..

හ්ම්ම්...

හැමදේටම පරක්කු වැඩී දැන්...

සාමයෙන් සැතපෙන්න රත්තරනේ...මතක් උනොත් උඩු හුළගක් වෙලා ඇවිල්ලා මගේ කොන්ඩේ අවුස්සලා යන්න එන්න...ම්...මං...දරාගන්න බැරුව පපුව පැලිලා මැරෙවී....

ආදරේ කරනකොට මෙච්චර රිදෙන්නේ ඇයි තකහශි...

ආදරෙයි කියාගන්නවත් බැරි උනා දෙයියනේ මට...

ජන්කුක්ගේ විලාපේ දිහා ටේහ්‍යුන්ග් බලාගෙන හිටියා,හැමනිතරම ජන්කුක්ගේ ඇස් වලින් නොනවත්වාම කදුලු වැටුනා..ටේහ්‍යුන්ග් ඒවා පිහලා දාන්න ඕනෙද?? ජන්කුක්ට අඩන්නෙප කියන්න එයා කවුද ඒ ඉන්නේ ටේහ්‍යුන්ගේ හස්බන්ඩ්!!

ටේහ්‍යුන්ග් තේරුම් ගන්න...
ජන්කුක් දැන් දුකින් ඉන්නේ ටේහ්‍යුන්ග්. !!

ජන්කුක් පස්සෙන් පස්සට ඇවිල්ලා ටේහ්‍යුන්ගේ පපුවට පිට තියලා හේත්තු උනාම ටේහ්‍යුන්ග් ජන්කුක් වටේ අත් යවලා ඔහේ බලන් හිටියා,ටේහ්‍යුන්ග් පොරොන්දු උනා තමන්ටම...

පුලුවන් කාලයක් එනකන්...
මේ අහිංසක ආත්මේ...
ආදරෙන් බලාගන්න.. !! හ්ම්ම් ටේහ්‍යුන්ග් එහෙම කරාවි

සකුරා වසන්තය [completed]Where stories live. Discover now