🌸හතරවන කොටස

14 6 2
                                    

"ජන්කුක් සංං~ ඔයාට රෙජිමේන්තුවෙන් ලියමනක් ඇවිල්ලා"

ජන්කුක් එකපාරටම බැලකනියෙන් පහල බැලුවා,ජන්කුක් ඉන්නෙත් පුදුමෙන් අවුරුදු දෙකකට පස්සේ රෙජිමේන්තුවෙන් ලියමනක්,ඒකත් ජන්කුක්ගේ නමටම?? පුදුමයක් තමයි ඒත් ඒක ජන්කුක්ට ඇති කරේ කෘතුහලයක්...කියාගන්න බැරි වේදනාවකුත් මෝදු උනා,

අහ්...ටේහ්‍යුන්ග් සමාවෙන්න මම ම්..මම යන්න ඕනේ..

ටේහ්‍යුන්ග් මොකුත් කියන්න ඉඩ දෙන්නෙවත් නැතුව ජන්කුක් පහළට දුවගෙන ගියේ ටේහ්‍යුන්ග් තරප්පු පෙළට බැල්මක් දාගෙන ඉන්නකොට,ටේහ්‍යුන්ගේ හිතම පිරිලා තිබුනේ ජන්කුක්ගේ මායාකාරි කටහඩෙන්...ජන්කුක්ගේ හඬ මායාකාරී..!

න්...නෑහ්හ්හ්...එ...ඒක්...හාහ්...ම්

ටේහ්‍යුන්ග් එකපාරටම කලබලෙන් පහල බලනකොට ජන්කුක් පපුවටත් අත තියාගෙන බිම ඉන්දවිලා,ටේහ්‍යුන්ග් කට වහගෙන අහක බලන් එයාගේ කෙරවලේ ගෙදරට යන්න ඕනෙද??

ටේහ්‍යුන්ග් ඇයි අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්නේ...ටේහ්‍යුන්ග් අහන්න ඒක එයාගේ ප්‍රශ්නයක්...ඔව් ඒක එයාගේ ප්‍රශ්නයක් වෙන්න තිබ්බා ජන්කුක්ම එයාගේ ඒන්ජල් නිසා නෙවෙයිද??

ටේහ්‍යුන්ග් තරප්පු පෙලේ තරප්පු මගෑරගන්න ගමන් දුවන් ඇවිල්ලා ජන්කුක් වටේට අත් යවලා ජන්කුක්ව වාරු කරගත්තාම ජන්කුක් ටේහ්‍යුන්ගේ ඇදුමේ එල්ලුනා,හරියට දාලා යන්න එපා කියන්නා වගේ...

ඒත් ඇයි??

මොන අයිතියකටද ජන්කුක් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලුනේ??

නෑ...එ...එයා...එයාට බෑ නේද...මාව දා..දාලා යන්නේ..ක්..කොහොමද?? ම්..මගේ අකියෝ...ක්..කොහොමද එහෙම කරේ??

මට ආදරේ කීවා..... හි...හිදෙකි....ක්..කොහොමද?? කොහොමද ඔයා...ම්..මාවත් දාලා...ම්..හ්ම්ම්ක්...නෑ නෑ....

ටේහ්‍යුන්ග් සං කියන්නකෝ...ප්ලීස්...මගේ..මගේ හස්බන්ඩ් මැරිලා නෑ නේද??

ටේහ්‍යුන්ගේ ඔලුවේ හෙනයක් පිපිරුවා වගේ උනා...ඒ කියන්නේ එයාගේ එන්ජල් මැරීඩ්,එතකොට ඒ මනුස්සයා මැරිලද?? ඇත්තටම මොන වගේ පිස්සුවක්ද ටේහ්‍යුන්ග් මේ දකින්නේ???

සකුරා වසන්තය [completed]Where stories live. Discover now