02

105 20 33
                                    

"දෙව්ලාෂ්..." අශ්‍රධ කෑම කාලා ඉවර වෙලා කොකා කෝලා එකේ ඉතිරි ටික බොන අතරේ ස්ට්‍රෝ එක කටේ තියෙද්දීම දෙව්ලාෂ්ට කතා කළා..

"ම්ම්?"

"ඔයා ඇයි පරණ හොස්ටල් එකේ වෙන දේවල් දැන දැන මුකුත් නොකළේ?" අශ්‍රධට ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙනකල් නින්ද වත් නොයන පාටක් තිබුණේ...ඒ ප්‍රශ්නේ යොමු කිරීමෙන් ම පේනවා මේ වෙනකල් ම ඒ ප්‍රශ්නේ අශ්‍රධගේ ඔලුවේ වැඩ කර කර තිබුණා කියන එක. දෙව්ලාෂ් එයා බොන ගමන් හිටපු කොකා කෝලා එක පැත්තකින් තියල එක එල්ලේ අශ්‍රධගේ ඇස් දිහා බලන ගමන් අත් දෙක හරහට බැඳ ගෙන පුටුවට හේත්තු වුණා...

"ඇයි ඔයා සේරම දැන දැනත් ඉන්ෆෝම් නොකළේ?" UNO reverse! අශ්‍රධගේ පැත්තට ප්‍රශ්නය යොමු වෙද්දී අශ්‍රධ තමන් බොන ගමන් හිටපු බීම එක පැත්තකින් තියල අත් දෙක මේසෙට තියල අත් දෙකට බර දීල දෙව්ලාෂ් හිටපු පැත්තට නැමුනා..

"ම්ම්...මන් දන්නවා ඒක ඇතුලේ වෙන හැමදෙයක් ම හරි නැහැ කියල...ඒත් ඒ අයට නිදහසේ ආදරය කරන්න තියෙන තැන් අඩුයි...මට හරි ලෝබයි එයාලට නිදහසේ ආදරය කරන්න තියන තැනක් නැති කරන්න..එතකොට ඔයා?"

"මන් කිව්වොත් මටත් එතන ඉදන් පැටලෙන්න ඕනේ කෙනෙක් ඉන්නවා කියල??" දෙව්ලාෂ් කියද්දී මෙච්චර වෙලා හිනා වේවි විහිළුවෙන් හිටපු අශ්‍රධගේ මූණ එක පාරට කළු වෙලා ගියා..අශ්‍රධ හෙන අමුතු මවාගත්තු හිනාවක් දෙව්ලාෂ්ට දීල ශේප් එකේ අත් දෙක මේසෙන් අරගෙන පුටුවට හේත්තු වුණා.

"අශ්‍රධ හිතනවද මන් ඒ වගේ කෙනෙක් කියල??"

"මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? ඔයා කොල්ලෙක්ට ආදරය කරනවා කියන දේ වැරැද්දක් වෙන්නේ කොහොමද??" අශ්‍රධ තරමක නොරුස්සන හඬකින් කියද්දී දෙව්ලාෂ් තමන්ගේ බීම එක මේසෙන් පොඩ්ඩක් එහාට කරල ඒ මේසේ උඩින් තමන්ගේ අත් තියල අත් වලට බර වෙලා අශ්‍රධ දිහාවට නැමුනා. දෙව්ලාෂ් ලාවට හිනා වේගෙන ඔලුව දෙපැත්තට වනුවේ අශ්‍රධ තේරුම් ගත්ත දේ නෙවෙයි තමන් අදහස් කළේ කියල කියන්න.

"අවසරය නැතුව මන් ඒ හිතේ පැටලෙන්නේ නෑ අශ්‍රධ...ඒත් අවසරයක් නැතුව මන් ඒ හිත එක්ක පැටලිලා ඉඳීවි.." දෙව්ලාෂ් එහෙම කියද්දී එයාගේ දිලිසෙන තද කළු ඇස් දිහා අශ්‍රධ බලන් හිටියේ දෙව්ලාෂ් කියන හැම වචනයක් ගානෙම දෙව්ලාෂ්ගේ ඇස් හැඟීම් වලින් පිරෙන විදිහයි....මොකද හැඟීම් පිරෙන ඒ තද කළු ඇස් බලන් ඉන්න ලස්සනයි....දෙව්ලාෂ් වාක්‍ය ඉවර කරලා තත්පර කීපයක් යනකල් ම අශ්‍රධ හිටියේ ඒ ඇස් වල අතරමං වෙලා...ඊට පස්සේ ඉක්මනට පියවි සිහියට එළඹුන අශ්‍රධ එක පාර ඇසපිය වේගෙන් ගහල අහක බලා ගත්තා....මොන මඟුලක් ද මේ හාට් එකට වෙලා තියෙන්නේ!! මේ මිනිහ ඉස්සරහම රේස් දුවන්නේ!! අශ්‍රධ හිතින් තමන්ගේ ම නොසන්සුන් හිත සන්සුන් කරගන්න සෑහෙන්න මහන්සියක් දැරුවා..

උක්තානුක්ත | Spoken-unspokenWhere stories live. Discover now