04

104 13 53
                                    

"ඒ ඕයි මගේ පොතේ තව කවියක් ලියලා මේ බලපන්" දෙව්ලාෂ් එයාගේ කවි නිසදැස් ලියන පොත මෙවිනුට දුන්නා. දෙව්ලාෂ්ගේ කවියකට කලින් වගේම පිළිතුරු කවියක් ඒ නන්නාදුනන්නා ලියල තිබුණා. මෙවිනු මුලින් දෙව්ලාෂ් ලියපු කවියත් කියවල ඊට පස්සේ තමයි අනික් කවියත් කියෙව්වේ...එතකොට තමයි ඒක අහන්න වට වෙලා හිටපු අභිරුත් ඇතුළු අනෙක් දේව මණ්ඩලේ උදවියට ඒ කවියේ නියම රසය දැනුනේ.

"ඇහෙනවද ලියැවෙන හැම පදයකම

කියන්නට තනන අරුත

අසන්නට ඔය මල් පෙති වන්

සිනිදු සවන් යොමු කරනවද

ඇයි ලියැවෙන හැම හැඟීමකට ම

හඬක් නොලැබුණේ

දන්නවද හඬක් දෙනු බැරි

බයයි මට මගේ හඬ නුඹේ

සවන් පිලි නොගනී කියා "

දෙව්ලාෂ් ගේ කවියට පස්සේ මෙවිනු කවිකාරයාගේ කවිය කියවන්න පටන් ගත්තා.

"ඇහෙන්නේ හරිම සවනට ද

නොදනිමි එනමුත් කෑ මොර දෙන

වදන් වල අරුත් මෙසවන් නම්

නැත නොඅසෙන්නා සේ ගියේ

ඉදින් නොහැකිද මට විතරක් හරි

අසන්නට දෙන්න ඔය වදන්

මට නොවුණත් රිසි වෙමි මම

එක සැරයක් හෝ හිත රවටා අසන්න" 

"ඔහෝ කවුද අනේ මේ කවියා?? මෙයාව නම් හොයන්නම වටිනවා දෙව්ලාෂ් හරිද?" අභිරුත් කියද්දී සදිරු, ඉස්කෝලේ ගේම්ස් කැප්ටන් ඔලුව වැනුවේ අභිරුත් හරි කියන්න..

"ඒ අශ්‍ර නෙවෙයි නම් මට වැඩක් නෑ අභිරුත්.." දෙව්ලාෂ් කියද්දී මෙවිනු හිටපු තැනින් ඇවිත් දෙව්ලාෂ්ගේ කරට අතක් දාල පොඩි තට්ටුවක් දැම්මා.

"උඹ දැන් හරියට ම දන්නවද ඔය අශ්‍රධ නෙවෙයි කියල?"

"නෑ තමයි ඉතින්...ඒත්-"

"ඒත් මේත් නෙමෙයි..අපි හොයල ඉමු මුලින් " මෙවිනු එහෙම කියාගෙන දෙව්ලාෂ් අතට එයාගේ කවි පොත දීලා කට්ටියම පන්තියට යන්න පිටත් වුණා. ඒ යන අතරමග දෙව්ලාෂ් දැක්කේ ඉස්කෝලේ තැනින් තැන වැවිල තිබුණ දම් පාට මල් පිරුණු නමක් නොදන්න, අශ්‍රධ සැහෙන්න ආදරය කරන ඒ මල් වර්ගය. වල් පැලයක් වෙන්න ලොකුම ලොකු සම්භාවිතාවක් වෙන්න තිබුණත් ඒ මල් වල තිබුණේ වෙනම වටිනාකමක්..පුදුමයක් නැහැ අශ්‍රධ ඒවාට එච්චර ආස කරන එක..දෙව්ලාෂ් ඒ මල් ඉත්තක් කඩලා අරගෙන එහෙම්මම පන්තියට ගියේ යාලුවෝගේ විහිලු තහළු මැද්දේ..මොකද තෙවිනුර මල් ඉත්තක් අශ්‍රධට දුන්න වෙලාවේ දෙව්ලාෂ්ගේ මූණ වෙනස් වුණ විදිහ දේව මණ්ඩලයම වගේ හොඳට දැක්කා.

උක්තානුක්ත | Spoken-unspokenWhere stories live. Discover now