ජීවිතේ හැමදේම බොරුවක් වුනත්
එකම එක දෙයක් මාව රිද්දන ඇත්තක් වුනා..මැරෙන්න ඕනේ කියලා දැනෙන හැගීම
ප්‍රබල වෙන්න වෙන්නම මම දැනගත්තා මරණයේ ඍතුව මට කතා කරන විත්තිය..හුස්ම පපුවෙන් එලියට එන්නේ නැතුව පපුව ඇතුලෙම පිච්චෙද්දි මට තේරූනා
කැලි කැලි සීසීකඩ වෙච්ච හදවතත් දැන් අලු වෙලා හුලගට ගහගෙන යන්න ලගයි කියලා..
දැවෙන හදවතට සීතල වතුර ඉස්සත් තේරෙනවා තෙමෙන්නෙ නැතිවග..
අතේ ඇගිලි හිරිවැටෙද්දි,හුස්ම හිරවෙද්දි තේරූනා මගේ දුර්වලතාවය..
හිට ගත්තත් ඇවිදින්න බැරුව අඩියක්වත් ඉස්සරහට තියන්න බැහැ කියලා දැනෙනකොට මම තේරුම් ගත්තා මම නතර වෙලා කියලා.
නිදාගන්න කියලා නිදිපෙති තුන හතර බොද්දී මට තේරුනා නින්ද මන් ලගකටවත් එන්නෙ නැති විත්තිය..
හේතුවක් නැතුවම ඇස් වලින් කදුලු පිටාර ගලද්දී මට තේරූනා මගේ හිත පෑරීලා කියලා..
ඉතින් තවම මම හොයනවා මගෙයි මලමිනියකයි වෙනස..
හුස්ම වැටෙන්නම ඕනමද මනුස්සයෙක් මැරෙන්න...
වචනෙකට පුලුවන් හැගෙන හදවත් නතර කරන්න.
මතක අහිමිවෙනකොට අඩියක් තියලා ඇවිදින්නවත් පණ නැති වෙනවා.
ඉතින් රිදෙන්නත් තමන්ට තමන් දැනෙන්න ඕන..
ඔයාගෙ විදවීමට එකම හේතුව මම බවත්..
මගෙ විදවීමට එකම බෙහෙත ඔයා බවත් කියලා තෙරෙද්දි..
ඇත්තමයි ගිනි ගත්තා සියුම් තැන්..
සමහරවිට හිතෙනවා ඇති මම හිත හදන් ඇති විත්තිය..
ඒත් තාමත් මම මෙතන..
ගිනිගන්නවා මේ පපුව!𝐒𝐔𝐀𝐒𝐇𝐈 𝐏𝐄𝐑𝐄𝐑𝐀 ✍🏻
( 𝙇𝘼𝙑𝙄𝙉𝙄𝘼 𝘼𝘿𝙀𝙇𝙄𝙉𝙀 )