ඉකිය

4 1 0
                                    

කදුලු දහසක් මැද්දෙන්
ගැහුනා හයියෙන් ඉකියක්

මහ රෑ ඉකි ගසන්නෙ කවුදැයි
එබී බැලුවා තාත්තත්

ඇහුවෙ කිමදැයි ඉකි ගසන්නෙ
ආදරෙන් හිස අතගා

ඉකිය මැද්දෙන් කදුලු අස්සෙන්
මගේ හිත ගැස්සුනත්

"මන් එයාට හරි ආදරෙයි තාත්තේ"
මගෙ කටින් කියවුනා!

කෙලෙස ඔහු හට වෛර කරනුද
වෙන් වුනත් මා ඔහුගෙන්

දුකක් දුන්නෙ මමම නොවෙම්ද
ඔහු ලබා දුන් සෙනෙහෙට

තිබුනා හිතවත ලොකු දුකක්
ඒ හිතේ මගෙන් ලද හීයෙන්..

𝐒𝐔𝐀𝐒𝐇𝐈 𝐏𝐄𝐑𝐄𝐑𝐀 ✍🏻
( 𝙇𝘼𝙑𝙄𝙉𝙄𝘼 𝘼𝘿𝙀𝙇𝙄𝙉𝙀  )

𝐄𝐍𝐃𝐄𝐑 Where stories live. Discover now