ජෙරී

4 1 0
                                    

පාරේ කොනක
මුළු ගැන්වී සිටි පැටියා..
මා එනු දැක
බිය වී තැති ගත්තා..
සුමුදු වදන් තෙපලන විට
එදෙස බලා..
පැටියා හුරතල් වෙන හැටි
මම දුටුවා..
තෙත හොම්බක
දිවි බේරීමට හිතුවා..
ඉතින් වුනේ
මා පැටියා රැගෙන ගියා..
අම්මාගේ අඩදබරෙට
ලක්වුණ මා..
අවසානෙ සුව සේ
පැටියා හැදුවා...
පැටියාහට ලස්සන
නමකුත් දැමුවා..
"ජෙරී" ලෙසින්
අප පැටියා ඇමතූවා..
එම නිවසෙහි පුතු
පැටියා වූවා..
මා නිවසේ
අසරණ බළලා වූවා..

𝐒𝐔𝐀𝐒𝐇𝐈 𝐏𝐄𝐑𝐄𝐑𝐀 ✍🏻
( 𝙇𝘼𝙑𝙄𝙉𝙄𝘼 𝘼𝘿𝙀𝙇𝙄𝙉𝙀  )

𝐄𝐍𝐃𝐄𝐑 Where stories live. Discover now