06.. හයවෙනි දිගහැරුම ...🍃

417 90 77
                                    

🕊️🕊️ තටු.........🕊️🕊️....

KimYuki18 ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

KimYuki18 ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක් ......ඉතින් ඔන්න මේ කතාවටත්  ලස්සන තෑගි හම්බ වෙනකොට මට ගොඩක් සතුටුයි.........💕

.
.
.
.
.

" ඒ ගමේ අයියා එන්න බෑ කියනවද ආයෝ........."

සුපුරුදු පරිදි ඉතින් සහස් ගේ කෑ ගැසීම ආලින්දයෙන් ඇසෙද්දී ආයු දහම්ට යමු යැයි හිසින් සන් කරගෙනම කාමරයේ දොර අසලට යද්දී දහම් ඔහු පිටුපසින් වැටුනේය ..............

**

ආයු මුලින්ම දොර රෙද්දත් එහාට කරගෙන ආලින්දයට යද්දි දහම් ඔහු පිටුපසින් ආවේය .......ආලින්දය මෙහා කෙළවරේම අසුනක වාඩිවී සිටි එතරම් උස මහත නැති හුරුබුහුටි කොල්ලෙක් එක්වරම අසුනෙන් නැගිට......

" ආයු මේ අයියෙක් කියලා උඹට ෂුවර් ද......."

යනුවෙන් පවසමින් ආයුවත් පහු කරගෙන දහම් අසලට ආවේය...... දැන් ඉතින් තමන් දෙසම බලාගෙන සිටින හතර පස් දෙනාටම දහම් කෙටි සිනහවක් තිළිණ කරේ ඇත්තෙන්ම හිතට දැනෙන අපහසුවත් සමඟයි.....

විවිධ ආකාරයේ පුද්ගලයින් පස් දෙනෙක් දැන් ඔහු ඉදිරියේ හිටගෙන සිටින අතර ආයුටත් වඩා කොණ්ඩය වවා සිටින දෙදෙනෙක්, ඊළඟට අත් කපපු ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටින අත් ගොබය පුරාවට ටැටූ එකක් ගසාගෙන සිටින උස මහත කොල්ලෙක් , කන් දෙකටම කරාඹු දෙකක් දමාගෙන සිටින රස්තියාදුකාර පෙනුමකින් යුත් කොල්ලෙක් සහ දැන් තමන් අසලට ඇවිත් හිටගෙන සිටින හුරුබුහුටි සාමාන්‍ය විදිහේ කොල්ලෙක්........ ඉතින් දහම් තරමක් අපහසුවෙන් සිනාසුනේය .....

" යකෝ අපේ ආයුගයේ ගමේ අයියා කිරි ටොයියෙක්නේ......."

අත් කැපූ ටී ෂර්ට් එකක් ඇඳගෙන ටැටූ එකක් ගසාගෙන සිටින අමුතු පුද්ගලයා එලෙසින් පවසා සිනා සෙමින් වාඩි වී සිටි තැනින් නැගිටිද්දී මෙතරම් වෙලාවක් මුහුණේ සිනහවක් තියාගෙන සිටි ආයුගේ  සිනහව නම් අතුරුදහන් වී යන ආකාරය දහම් දුටුවේය...

🕊️🕊️  තටු 🕊️🕊️............ bl novel ........ongoing ............Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ