11..... එකොළොස් වෙනි දිගහැරුම ... 🍃

453 103 118
                                    

🕊️🕊️ තටු 🕊️🕊️.............

🕊️🕊️ තටු 🕊️🕊️

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

.
.
.
.
.
.

",මම කවුරු කියල හිතාගෙනද එක එක කොල්ලො අතේ birthday gift එක එවලා තියෙන්නේ ආයු.......මම පැය කීයක් ඔයා එනකල් බලාගෙන හිටියා කියලා දන්නවද......."

දහම්ව නිවසට ගෙන ඇවිත් ඔහුට කන්න දෙන්නට චරිතාට භාර දුන් ආයු උඩුමහලට ආවේ නොනවත්වා දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම්වලට විවේකයක් ලබා දෙන්නට අවශ්‍ය නිසාවෙනි....

" තමුන් කවුරු කියල හිතාගෙනද ඉන්නේ කියන එක මගෙන් අහන්න ඕන නෑනෙ ඕෂිනි......මොකක් හරි ඉමේජන්සි කේස් එකක් වැටුන හින්දා තමයි මම ආවේ නැත්තේ......"

" ඔයාට තිබුණා ඒක මට කෝල් එකක් දීලා හරි කියන්න....ඔයාගේ ගෘප් එකේ වෙන කොල්ලෙක් අතේ  ගිෆ්ට් එක එවලා ඔයා මොකක්ද බලාපොරොත්තු උනේ?.......මම මොන වගේ කෙල්ලෙක්ද කියල ජජ් කරගන්නද ඔයා ට්‍රයි කරේ?........අනික මගේ birthday එකටත් වඩා ඔයාට special වෙච්ච imagency මොකක්ද......"

මුලින් මුලින් ඇය සමග ඉතා සාවදානව මේ ගැටලුව විසඳා ගන්නට හැදුවත් ඇය කතා කරන හඬ සහ ඒ හඬේ ශබ්දය නිසාවෙන් ආයුගේ  රතු කට්ට පැන්නේය......

",පොඩ්ඩක් සද්දෙ අඩු කරල කතා කරනවා ඔෂිනී...... මම මේ උපරිම ඉවසීමෙන් තමුසෙත් එක්ක කතා කරන්නේ මගේ අතින් මිස්ටේක් එකක් වෙච්ච නිසා........ "

කාමරයේ දොරත් විවෘත කරගෙන බැල්කනයට පැමිණි ආයු බර හුස්මක් පිට කරමින් එලෙසින් කියද්දී අනික් පස්සේ පැවතියේ කෙටි නිහඬියාවකි....

" මම නමය හමාරු ඉදලා ඔයා  එනකල් බලාගෙන ඉන්නේ ආයු....... එක එක්කෙනා අතේ තෑගි එවන්නේ නැතුව එන්න බැරිනම් එන්න විදිහක් නෑ කියලා මට කෝල් එකක් දෙන්න තිබුණා.....මම ඒ විදිහට පැය ගානක් රස්තියාදු වෙච්ච එක ගැන ඔයාට කිසිම දුකක් නෑ.........මගේ යාළුවො ඔක්කොම ඩිනර්  පාටි එකක් ඕගනයිස් කරන්න හදනකොටත් මම ඒක කැන්සල් කරේ සෑහෙන කාලෙකින් මට ඔයත් එක්ක ඉන්න බැරි වෙච්ච හින්දා...........ෂිට්........."

🕊️🕊️  තටු 🕊️🕊️............ bl novel ........ongoing ............حيث تعيش القصص. اكتشف الآن