18... දහ අටවෙනි දිගහැරුම ......🍃

612 100 59
                                    

🕊️🕊️ තටු 🕊️🕊️..............

🕊️🕊️ තටු 🕊️🕊️

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

.
.
.
.

සිකුරාදා දවසත් හෙමින් සීරුවේ ගතවෙමින් තිබුණි .....දහම්ට නම් අද දවසත් ඉතින් බලාපොරොත්තුවක් පිරුණු දිනයකි...... හේතුව කුමක්දැයි යටිහිත  දන්නා නමුත්  හේතුව එයම බව උඩු හිත පිළිගන්නට සූදානම් නැත..... ඒත් ඔහු අද දවස ගතකරන්නේ ගෙවී ගිය දින දෙකට වඩා ප්‍රබෝධයකින් යැයි කීවොත් නිවැරදිය....

" හෙලෝ.........."

" දහමා.......අම්මා ඉස්පිරිතාලෙ නතර කරලා.....මං මේ ගෙදර යන්න හදන්නේ......උඹට ශේප් එකේ බස් එකේ ගියෑකිද........මං හිතන්නේ ආයු තව ඇවිල්ලත් නැතුව ඇති......."

වෙලාව සවස තුනට ආසන්න වෙද්දී අකිල් ගෙන් දුරකථන ඇමතුමකි.....

" හරි හරි ඒක අවුලක් නෑ මට ගිහෑකි.....අම්මට හදිසියේම මොකද......"

දහම් කලබලයෙන් එලෙසින් අසද්දී ඉතින් ඔහු අසල වාඩි වී සිටින පැතුම්ගේ අවධානයත් දහම් වෙතට යොමුවුණේය........මෙතන වැඩට ඇවිත් මේ වන විට සති තුනක් අවසන්ව තිබෙන අතර සිටින හය දෙනාගෙන් දහම් සමග හුඟක්ම හිතවත් වී සිටින්නේ පැතුම් ය.....ඊට එක් හේතුවක් ඉතින් පැතුම් දහම් අසලම සිටීම  පමණක් නොව දෙදෙනාම කරන්නේ ණය ගනුදෙනුවල වැඩ නිසා වන්නට ඇත........

🕊️🕊️  තටු 🕊️🕊️............ bl novel ........ongoing ............Donde viven las historias. Descúbrelo ahora