19.. දහනව වෙනි දිගහැරුම ....🍃

547 112 94
                                    

🕊️🕊️ තටු 🕊️🕊️..............

.
.
.
.
.
.

" good morning ඇන්ටි.......ඇන්ටි කීයට විතරද ආවේ?....."

දහම් උදෑසනින් අවදිවී කෝකටත් කියා පහයි තිහට පමණ මුළුතැන්ගෙට ආවේ තේ එකක් හදාගන්නට හිතාගෙනයි......ඉතින් පාන්දරෙන්ම චරිතා පැමිණි බව ඔහු දන්නේ නැත......

" මල්කි දුවලාගේ අම්මා පාන්දර ආවා පුතේ.....එයා ළඟ නතර වෙන හින්දා ඉතින් මං උදේම දුවගෙන ආවා......"

තේ හදන්නට වතුර උණු කරන ගමන්ම උයන්නටත් කළමනා සූදානම් කරන අතර චරිතා එලෙසින් කියද්දී දහම් ඔහුගේ කෝපය රැගෙන හෝදන්නට පටන් ගත්තේ ඇයට පහසුවක් කරන්නට හිතාගෙනයි...

" මටත් තේ ඕනේ.... "

මුළුතැන් ගේ දොර අසලින් යළිත් සුපුරුදු ගැඹුරු කටහඬ ඇසෙද්දී දහම් පමණක් නොව චරිතාත්හිස හරවා ඔහු දෙස බැලුවේය.....

" අංකල්ප ඇහැරව ගන්න බැරි උනා පුතේ කෝල් දීලා වත්...කෝල් හතරක් පහක් ගහලා තමයි මෙයාව ගෙන්න ගත්තේ....."

චරිතා සිනාසෙමින් එලෙසින් කියද්දී ආයු ඇවිත් සුපුරුදු අසුනෙන් වාඩි වුණේය.... දහම් ඉතින් ආයු ගේ කෝප්පයත් අරගෙන හෝදන්නට පටන් ගත්තේ උදේ පාන්දරින්ම ඒ මුහුණ දුටු සතුටත් හරි අපූරුවට භුක්ති විඳින අතරයි.....දැන් ඉතින් ඇස් කොණින් ඔහු තමන් දෙස බලාගෙන සිටින බව දැනුනත් දහම් නම් ඉතින් වැරදිලාවත් ඔහු දෙස බලන්නේ නැත......

" අපේ අයියගේ නෝනට මොකක් වෙලාද අම්මි...."

මුළු තැන් ගේ තුළ විනාඩි කිහිපයක් පුරාවට පැවැති නිහැඬියාව බිඳ දමමින් ආයු එලෙසින් අසද්දී ඇත්තෙන්ම ඉතින් දහම්ටත් ඒ පිළිබඳව දැන ගැනීමට තිබෙන අවශ්‍යතාවය නිසාවෙන්ම ඔහුත් හිස හරවා චරිතා දෙස බැලුවේය.....

" ඔයාගේ අයියගේ හපන්කම් තමයි ඉතින්..... ඔන්න ඔයා බාප්ප කෙනෙක් වෙන්න යන්නේ......"

" සීරියස්ලි........ "

ඉතින් චරිතා එලෙසින් කියද්දී දහම් හිස හරවා ආයු දෙස බැලූ අතර ඒ මුහුණේ තිබෙන සිනහව ඔහු හරි අපූරුවට දුටුවේය.....

" හ්ම්ම්ම්.......කලන්ද හැදිලා වැටෙනකල් දෙන්න දන්නෙ නෑ ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා.....තව දවසක් විතර hospital එකේ තියාගෙන ඉඳලා ඩිස්චජ් කරයි........"

🕊️🕊️  තටු 🕊️🕊️............ bl novel ........ongoing ............Donde viven las historias. Descúbrelo ahora