🕊️🕊️ තටු 🕊️🕊️...................
ආයු අභිලාෂ්
දහම් සත්සර ..........
.
.
.
.ඒත් ඉතින් දෙදෙනාට එතරම් දුරක් ඒ ලෙසින් ගමන් කරන්නට හැකි වුණේ නැත........
" ආයු ඩාලිං ................"
**
වෙනදාට ඉතින් ආයුගේ මුහුණට හරි අමුතු සිනහවක් නංවන, සහස්ගේ මුහුණට කේන්තියක් නංවන ඒ කටහඬ පිටුපසින් ඇසෙද්දී අද නම් ආයු බරම බර හුස්මක් පිට කළේය.........
හිස පමණක් හරවා බලද්දී කළු පාට හිරම හිර ලෙගින් කලිසමකට අත් කැපූ මොකක්දෝ ලාසිතාවක් සහිත බ්ලවුස් එකක් ඇඳගෙන ඔෂිනි ඉක්මනින් ඉක්මනින් ඔවුන් දෙසට ඇවිදගෙන ආවේය........
" තව විනාඩි දහයයි තියෙන්නේ......අර මයික් එකත් අවුල් කියලා මම කිව්වනේ.........ලව් කරනවනම් මේ වැඩ වලින් පස්සේ ලව් කරන්න තියාගනින්......."
ඔෂිනි දෙසට පුරුදු පරිදි කේන්තිය පිරුණු බැල්මක් හෙලන අතරම සහස් එලෙසින් පවසාගෙන හොටෙල් එක තුළට ඇවිද යද්දී සහස් වෙතට පුදුමය පිරුණු බැල්මක් හෙලමින් ඔෂිනි ආයුගේ අතකින් අල්ලා ගත්තේය.......
" මොකක්ද ආයු .....සහස් හැමදාමත් මට රවනවා......."
ඇය ඉතින් ප්‍රශ්නයක් ඇසුවාට ආයුගෙන් ඊට පිළිතුරක් නම් බලාපොරොත්තු වන්නේ නැත......මීට හේතුව ඉතින් සාමාන්‍යයෙන් ඇය අසන කිසිම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට තමන් බැඳී නැති බව ආයු නිතරම පැහැදිලිව පවසා තිබීමයි.........දෙතුන් වතාවක්ම මේ සම්බන්ධය ආදරයක් දක්වා තවත් පියවරක් ඉදිරියට රැගෙන යන්නට ඔෂිණිට අවශ්‍යතාවය තිබුණත් ආයු ඉතා ලෙන්ගතුව සහ සෘජුව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ......
ČTEŠ
🕊️🕊️ තටු 🕊️🕊️............ bl novel ........ongoing ............
Literatura faktuආස නැද්ද පියාඹන්න........ තටු ගැටගැහුවට පස්සෙ කොහොමද ඉගිල්ලෙන්නෙ........ තටු ලෙහමු....... ඒක හිතන තරම් ලේසි නෑ ආයු..... මම නම් කැමති අමාරු දේවල් කරලා බලන්න...... හ්ම්ම්ම්..........( බර හුස්මක් ) 🕊️🕊️ තටු 🕊️🕊️.......................