"ඔයාට මහන්සිද ?"
" හ්ම්"
"ඔයා කාලද ?"
"නෑ "
" ඔයා ගොඩක් දුර ඉදන්ද ආවේ ?"
"ඔව් "
" ඔයාගේ ඩොක්ටර් කෙනෙක් ද ?"
" ඔව් "
" ඔයා කතා කරන්න කැමති නැද්ද?"
"නෑ "
"මම ඔයාට කොහොමද කතා කරන්න ඕනි ?"
" ඔයාට මම කියන එක ඇහෙන්නේ නැද්ද?"
" හලෝ හලෝ මේ ඇහෙනවද ?"
අම්මෝ මටත් ඉදලා ඉදලා පාත් වෙන්නේ ලේසි මරාල නෙමෙයි.මේ කොල්ලව මම මොකට නග්ගගත්තද මන්දා, මේකා මේකට නැගපු වෙලේ ඉදන් ප්‍රශ්න අහනවනේ.මේක නිවනක් තියෙන කටක් නම් නෙමෙයි.විනාඩිපහකට මේ කොල්ලා කට වහන්නේ නෑනේ
" ඇහෙනවා ඇහෙනවා තව හොස්පිටල් එකට දුරද ?"
" ආ අමතක වුණානේ .ඔව් ඔව් ඔහොම කෙලින්ම යමු මම හරවන්න ඕනි වුණාම කියන්නම්"
මේ පාර සෑහෙන දුරක් ආවත් තාමත් පාර දෙපැත්තේ කහපාට මල් යායවල් ඉවර වුණේ නෑ.මම හිතන්නේ මේක මල් වගාවක් වෙන්න ඕනි.නැත්නම් මෙච්චර මල් ගොඩක් මොනවා කරන්නද ?
මම බයික් එක පදින දිහාව නැගෙනහිර වෙන්න ඕනි.මොකද මට පෙනුනේ ඈතින් කන්දකට මුවා වෙලා ඉර පාය ගෙන හැටි.මෙහෙ පරිසරය ඇත්තෙන්ම ලස්සනයි.
" මේ ඔයා මෙහෙ නවතින්නද ආවේ ?"
ලස්සනයි සමහර දේවල් නැත්නම්
"ඔව් ඔව් "
"එතකොට ඔයාට පාලු එහෙම නැද්ද ?"
අනේ කොල්ලෝ පොඩ්ඩකට කට වහපන්කෝ.
" ඔතනින් හරවන්න හරවන්න වමට "
වෙලක් අයිනේ තියෙන කඩයක් ගාවින් මම බයික් එක වමට හැරෙව්වා.ඊට පස්සේ පාර තිබුණේ ගම ඇතුලට.ඒ පාර දිගේ යනකනුත් මේ කොල්ලාගේ කියවිල්ල නතර වුණේ නෑ.සමහර විට ගම්වල ලමයි මෙහෙම වෙන්න ඇති
"ඔන්න ඔන්න දකුණට හරවන්න "
එතකොටම මම දැක්කේ ගමේ පන්සල.පන්සල ගාවට යන්න කලින් මම දකුණට හැරෙව්වා.අන්තිමට ප්‍රාදේශීය රෝහල "දෙමැද " කියන බෝඩ් එකට දකිනකොට මට ලොකු සැනසීමක් දැනුණා