" දරුවෝ "
අලුත් මහත්තයා මොනා ම හරි කියන්නයි කියලා සැරසුනේ... කාමරේට ආව අම්මා නිසා එක නතර වෙන කොට... බොලා ම තමා කියලා කිව්වේ මොකද්ද අලුත් මහත්තයෝ...
මන් පුදුමෙන් වගේ අලුත් මහත්තයා දිහා ම බලාන ඉදියේ අලුත් මහත්තයේ අතට තේ කොප්පේ දුන්න අම්මා මයේ ඔලුව අත ගාන කොට... කෝ මට අලුත් මහත්තයාට විතරයි ද දැන් තේ තියෙන්නේ... මටත් ඔනා නේ තේ බොන්ඩ...
" අම්මේ මට "
" දැන් ටිකකට කලියෙන් නේද බිව්වේ ආහ් බත් කන්නේ කොහොමද "
මන් අම්මාගෙන් මගේ තේ කොහෙද කියලා ඇහුවේ... අම්මා ටිකකට කලියෙන් නේද තේ බිව්වේ දැන් බිව්වහ ම ආයේ ම බත් කන්නේ කොහොම ද කියලා අහන කොට... අනේ ඉතින් කන්නේ කටින් නේ අම්මේ තේ ටිකක් බිව්වායි කියලා මැරෙන්නේ නැනේ...
මන් අඩිය හැප්පුවා... අපේ අප්පච්චිට අයියාට මට තේ කියන්නේ මොන තරම් බිව්වත් ඇති නොවන දෙයක්... මහා දවල් දුර ගමනක් ගිහින් ආවත් අපි තුන්දෙනා ඉල්ලන්නේ තේ වෙන කොට... අලුත් මහත්තයා විතරක් තේ බොන කොට මට බලන් ඉන්න බැරි වුනා... අනේ තේ ඔනා නේ මට...
" හදලා දුන්නා නම්... අදින් පහු තේ එකට දෙහි බින්දක් දාලා දිපල්ලා මාමා "
" දෙහි... අනේ මට බැ... අම්මා මට දෙහි එපා තේ ඔනා... අලුත් මහත්තයා දෙහි දාන්ඩ එපා කියන්න අම්මාට "
මන් තේ ඉල්ලුවේ අනේ අපරාදේ කියලා හිතුනා... අලුත් මහත්තයා එක පාරට ම මට ආයේ ම තේ දෙන කොට එකට දෙහි ටිකකුත් දාන්නයි කියලා කිව්වේ මන් අඩිය හප්පලා අලුත් මහත්තයාට අම්මාට එහෙම කරන්න එපා කියන්නයි කියලා කියද්දි...
දැන් ඉතින් අම්මා හැමදාම තේ එකට දෙහි දාවි... අනේ මට බැනේ තේ බොන්න දෙහි දාලා තියෙන කොට එතකොට රසක් නැහැ අපේ අම්මාටත් මට හොදයි කියලා කවුරු ම හරි මොනා හරි කිව්වොත් වෙන මොකුත් ම ඔනේ නැ... හොද නෙමේ නේ රස ඔනා මට...
" අම්මා... අනේ අලුත් මහත්තයා අම්මාට කියන්න කෝ...දෙහි එපා කියලා "
" ගුණයි ඔය ඇගට "
අලුත් මහත්තයා කිව්ව නිසා ම අම්මා දෙහි දාලා තේ එකක් හදාන එන්නයි කියලා ගියේ මන් අලුත් මහත්තයේ අතේ එල්ලිලා එපායි කියලා නාහෙන් අඩන කොට... මොන මල කරුමයක් ද මේ... එපා වෙනවා නේ ඇයි මයේ දෙයියනේ හරියට කැමක් කන්න බැහැ... දැන් ඒ පාර අලුත් මහත්තයා ඇවිත් මයේ තේ එකටත් කෙලින්නයි යන්නේ...
YOU ARE READING
1993 || ᴏɴ ʜᴏʟᴅ ||
Fanfictionනියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE