06 වන කොටස

404 91 55
                                    

" අලුත් මහත්තයා... මොනවද ඔය අහන ලැජ්ජ නැති කතා උඹලට මාන්දම ද නැත්නම් මසක්කන් ද... නැතිනම් ඔය උඹලාගේ හැටි ද අලුත් මහත්තයා "

" ඇයි ද "

මන් ඉදියේ යකෙක් ගහලා වයේ මුනත් තහඩුව හදා ගෙන වෙන කොට... අලුත් මහත්තයා කිසි ගානක් නැතිව මයේ තුවාලේට සුදු පටියක් ගැට ගහන්න අරන් තිබුනේ... මන් හිතින් වයේ ම කටිනුත් අලුත් මහත්තයාට දෙස් දෙවොල් තියන ගමන් අලුත් මහත්තයා දිහා ම බලන් ඉන්නැද්දි...

අලුත් මහත්තයා මයෙන් ඇයි ද කියලා අහනවා... ඇයි ද කියලා අහන්නේ... උඹලාට නම් උපතින් ම මාන්දම නැති නම් තිස් අවුරුද්දක් තනියම ඉදලා තනිකන් දෝසේ ඉහ වහා ගිහින් අලුත් මහත්තයා...

මන් කොහොමෙයි අලුත් මහත්තයේ මැණිකේ වෙන්නේ... අවුරුදු 19 ක් වුන මන් කොහොමෙයි දිගෙක යන්නේ අපේ අයියා පවා ගෙදර ඉන්නැද්දි... මල්ලි වුන ගෙදර පොඩි ම එකා වෙච්චි මන් කොහොමෙයි...

" අප්පච්චිට එහෙම ඇහුනා නම්... මන් කොහොමෙයි අලුත් මහත්තයේ මැණිකේ වෙන්නේ "

" උඹලයේ අප්පච්චිත් ඔය ඉන්නේ පිරිමි පරාණයක් කර ගහන්... මට බැරි වෙන්ඩ කාරිණාවක් නැතුවා "

ඔය ඉතින් අලුත් මහත්තයා එක්ක බැහැ නේ කරන්ඩ මෙක... අලුත් මහත්තයා ඒ පාර අපේ අප්පච්චිව ඇදලා ගත්තේ මන් දාගෙන අලුත් මහත්තයාට රවන කොට... හරි කෙලියක් වුනා නේ දැන් මෙක... අපේ අප්පච්චි පිරිමි පරාණයක් කර ගැහුවායි කියලා දැන් මාත් පිරිමි පරාණයක් කර ගහන්ඩ ඔනා ද...

මල විකාර... අලුත් මහත්තයාට නම් සහලෝලා ම උණ... මන් ගෙන්නේ මැණිකෙක්... අහල ගම් හතට ම මගුල් කියලා දෝලාවකින් ඔන්... අද කිව්වායි කියලා ඔය කොහේ හරි ලියලා තියා ගනිල්ලා... ආයේ මයේ නැනේ ඔය දෙකයි පනහේ වැඩ...

" ඔව් ඉතින්... අනේ මේ අලුත් මහත්තයා සිමාවේ ඉන්ඩ හරි ද... නැත්නම් මන් අප්පච්චිට කියනවා "

" මක්කද "

අලුත් මහත්තයා හිට ගත්තා වයේ ම මයේ කොණ්ඩේ ඇවිස්සුවේ... කොණ්ඩේ ආපිට හදා ගත්තු මන් අප්පච්චිට අලුත් මහත්තයා ගැන කියනවායි කියලා කියද්දි... අප්පච්චිට විතරක් නෙමේ මන් අයියාට පවා කියනවා අලුත් මහත්තයා මට නොහොබිනා යෝජනාවක් අරන් ආවයි කියලා... මෙන දෙයියන්ට කියන්න ද ඉතින් මෙව්වා... බලාපල්ලා...

1993 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now