11 වන කොටස

527 94 66
                                    

" අලුත් මහත්තයා "

දෙයි හාමුදුරුවනේ ඇවිත් හිටියේ අලුත් මහත්තයා වෙන කොට... කඩුල්ල ගාව දි මන් දැකපු රුපේ අලුත් මහත්තයේ වෙන කොට... එක තප්පරයක්වත් හිතන්නයි කියලා නාස්ති නොකරපු මන් දිව්වේ අලුත් මහත්තයා ගාවට වෙද්දි...

දුවලා ගිහින් අලුත් මහත්තයේ... ඇගට පනින්නයි කියලා හැදුවත් ආයේ වංගියක් වැට කඩුල්ලේ කකුල වැදිලා මන් බිමට වැටුනේ... වැටුන මන් දැක්ක දෙත් එක්ක ම මයේ මුළු සරුවාංගේ ම සීතල වෙලා යද්දී...

එක කුණු වෙච්චි කකුල් දෙකක් පනුවෝ ගහන්නේ හරියට මැරිලා තියෙන්නේ ගොඩ කාලෙකට කලියෙන් කියන්ඩ වයේ එකේ ගඳට මට වමනේ යන්ඩ ආවා... මේ ඉන්නේ මයේ අලුත් මහත්තයා නෙමේ නැ මේ ඉන්නේ එයා නෙමේ...

මයේ මහත්තයා ගාව නොසැහෙන්ඩ සුවඳයි එත් මෙතන ඉන්න එකා ගාව මයේ නහය කඩන් යන තරම් මලකුණු දඟයි... මහා දවල් අලුත් මහත්තයේ රුපෙන් ආවේ මාව එක්කන් යන්ඩ ද...

මට දැනුනේ මුළු රටපිටාව ම අදුරු වෙලා යනවා වයේ... අමුනුස්ස කුයිලේ එක්ක එන හුළඟක් හමන්න ගත්තේ මගේ හුස්ම මට ඇහෙන තරමට ම වටපිටාව නිහඩ වෙද්දි... එක මුසල නිහැඩියාවක්...

මට නැගිටලා අම්මා ගාවට දුවන්ඩ ඔන වුනත් නැගිටිනවා තියලා... ඔලුව උස්සලා බලන්ඩවත් පණක් නැති වෙද්දි... වැලි පොලවේ වැටිලා හිටිය මයේ කදුළු බිමට වැටෙන්නේ ගත්තේ වැස්සක් වැටෙනවා වයේ...

පණක් නැති ඇග... මන් අමාරුවෙන් මයේ ඔලුව උස්සලා බැලුවා... මට මහා සද්දේට කෑ ගැහුනා... ගැහෙන ගමන් තිබුන පපුව ගැහෙන එක නතර වුනා... මන් දිහාවට වැටිලා තියෙන පනුවෝ ගහන මුන දැක්ක මයේ හුස්ම නතර වුනා... වැටිලා හිටිය වැලි පොලවේ ම මාව සිහිය නැතිව වැටුනා...

අවසන තත්පර කිහිපයේ මට ඇහුනේ වියුරුවෙන් සිනා සෙන හිනා හඩක්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
1993 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now