" ගෙදර අනික් අයට දෙහි දාන්ඩ ඔනේ නැ මාමා... ඔය කට වැඩි පොඩි ආදාට විතරක් දුන්නා නම් ඇති "
අලුත් මහත්තයා යන නිසාත් ආයේ ම අපි හම්බෙන්නේ තුන් මහකට පස්සේ නිසාත් දුකින් ඉදිය මයේ මුනේ දුක නැති වෙලා ගියේ... අලුත් මහත්තයා මට කට වැඩි පොඩි ආදා කියලා කිව්වා මදිවට ගෙදර අනික් අයට නැතුවට කමක් නැ එහෙත් මට නම් අනිවාර්යයෙන් ම දෙහි දාන්ඩයි කියලා අපේ අම්මාට කියද්දි...
" අප්පච්චි අලුත් මහත්තයාව ගස් බදින්ඩ මට කට වැඩි පොඩි ආදා කිව්වා අප්පච්චි අනේ අම්මා.. සුදුට ලැජ්ජ කරා නේ... කට වැඩි ආදා කිව්වා අයියේ "
" සුනංගු වුනා මාමා... මන් ගොහින් එන්නම් එහෙනම් "
අඩිය පොලවේ ගහලා අලුත් මහත්තයාව ගස් බදින්ඩයි කියලා මන් කියැව්වේ අම්මා මාව තුරුල් කරගෙන මගේ ඔලුව අත ගාන කොට... මයේ කොහින් ද කට වැඩි ඇරත් පොඩි ආදා ලු... අලුත් මහත්තයා උඹලා හව් වෙන්ඩ එපා ආපිට මට... බහා දෙන්ඩ හිතාන හිටියත් දැන් නම් කොහොමත් නැ...
" පොරගේ හිතුව තරම් නරකකුත් නැහැ වයේ නේද අප්පච්චි "
" ඇයි අයියේ... උඹලා මනාපයි ද අලුත් මහත්තයා එක්ක දිගෙක යන්ඩ... ආව් අප්පච්චි සුදුගේ පස්සට ගහන්ඩ එපා අම්මා අප්පච්චි සුදු මහත්තයාට ගහනවා නේ අයියේ... ආව් අප්පා "
අලුත් මහත්තයා යන දිහා බලාන ඉදිය මන් ඔලුව උස්සලා බැලුවේ අයියා දිහා වෙන කොට... අයියා අලුත් මහත්තයා හිතුව තරම් නරක නැහැයි කියලා කියැව්වේ අයියා අලුත් මහත්තයාට මනාප ඇතියි කියලා හිතාන මන් අරහෙම අහන කොට...
එත් කොහෙද... මන් අරහෙම කියාපු ගමන් අප්පච්චි මයේ පස්සට පාරක් ගැහුවේ... අම්මාට අප්පච්චි මට ගැහුවායි කියලා කියන්න ගිහින් අයියාගෙනුත් පාරක් කන කොට... අප්පච්චියි අයියායි ගහපු පාර නම් මට රිදුනේ නැතුවා... එත් මයේ හිතට හරි නැනේ... මයේ හිත අඩනවා නේ... අහම්බෙන් හම්බුන අලුත් මහත්තයා නිසා ම...
" අප්පච්චි අයියා ආදරේයි නේ ඉතින් අපේ සුදුට... මට දැන් කියාපල්ලා අයියාගේ සුදු මොනා කරන්ඩ ගිහින් ද ඔය කකුල තුවාල කර ගත්තේ කියලා "
YOU ARE READING
1993 || ᴏɴ ʜᴏʟᴅ ||
Fanfictionනියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE