" සුදු පුතා මෙහාට එනවා කොහෙද ඔය දුවන්නේ... දැන් ඔයත් දන්නවා ද "
" මොනාද අම්මා... කවුද මේ දෙන්නා... ආව් ආව් දන්නවා දන්නවා... අප්පච්චත් දන්නවා මට විතරක් ගහන්නේ "
දුවපු ලොකුට කතා කරපු අම්මා අලුත් මහත්තයායි මායි ගැන දන්නවා ද කියලා ඇහැව්වේ... අයියා අපි දෙන්නා කවුද කියලා කියන්නවත් දන්නේ නැහැයි වයේ හැසිරෙන්න ගිහින්... අම්මායෙන් පිට පුරෝලා පාරක් කන කොට... හරි ඊළඟට මම... කන කීන් ගාන පාරක් තමා මට නම් හම්බෙන්නේ...
" මන් දන්නේ නැ මැණිකේ... මන් මුන් දෙන්නාව ඇහැට දැක්කෙත් අද... හරි හරි රත්තරනේ... විහිලු කාරණා මෙතනින් අහවරයි චුටි මැණිකෙත් ගිහින් අරහෙන් ඉද ගත්තා නම් මේ කාරණාව ගැන කතා කර ගන්ඩ... සුදු මහත්තයා උඹලත් පලයල්ලා එලියට කකුල කපා ගන්නේ නැත්... කියලා කට ගන්ඩ හම්බුනේ නැ... උඹලා පොඩි එකෙක් ද අහස්න බලාන යන්ඩ බැරි ද උඹ්... ආයේ ම වංගියක් කපා ගත්තා... සුදු මහත්තයා... සුදු පුතා... ඔය දරුවත් යන්ඩ මන් එක අස් කරලා අම්මාට බෙහෙත් දාන් එන්නම් "
" හිතලා කපා ගත්තේ නැ... වැරදිලා කැපුනේ... බනින්න ඔනේ නැහැ "
අම්මා අප්පච්චි දිහා රවාන බලන කොට අප්පච්චි පවා අපි දෙන්නාව දැක්කේ අදයි කියලා කියන්ඩ ගිහින්... අවසානේ විහිලු හැමදේම ඉවරයි කියලා අපිට මේ ගැන කතා කරන්ඩ එලියට යමුයි කියලා කියැව්වේ... එලියට යන්ඩ ගිය අම්මායේ කකුල කැපෙන කොට...
එහෙන් ම අප්පච්චි අම්මාට බනින්නයි කියලා ගියේ අම්මායේ කකුල ආයේ ම කැපෙද්දි... අනේ අම්මා පව් නේ... මන් මුනත් මොකද්ද කරගෙන අම්මා දිහා බලාන් හිටියේ... අම්මා එයාට රිදෙන්නේ නැහැයි කියලා කැපුන කකුලත් උස්සන් මයේ පුටුව උඩින් වාඩි වෙද්දි...
එත් එක්ක ම අප්පච්චි මටයි අයියාටයි අලුත් මහත්තයාටයි එලියෙන් ගිහින් ඉදන් ඉන්ඩ අම්මාට බෙහෙත් දාන් අම්මා එක්ක අප්පච්චි එන්නම් කියලා කියැව්වේ අලුත් මහත්තයා මාව වඩා ගන්න කොට... මේ මොකද මේ...
අයියායි අප්පච්චි අම්මායි මායි අපි හතර දෙනා ම කටවල් ඇරන් බලන් හිටියේ කිසි ගානක් නැතිව මෙතන කවුරුත් නැහැයි වයේ අලුත් මහත්තයා මාව උස්සන් යද්දි... දෙයියනේ අලුත් මහත්තයා මයේ කකුල කැපෙන්නේ නැ... මාව බිමන් තියපල්ලා... මයේ හිත කෑ ගහනවා...
YOU ARE READING
1993 || ᴏɴ ʜᴏʟᴅ ||
Fanfictionනියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE