තුන් මහක් ගෙවි යාමත් පහු...
" අප්පච්චි... අප්පච්චි... ලොකු ඉස්කෝලේ මහත්තයාට අප්පච්චිට කතා කරන්ඩ ඔනා ලු... මෙන් ආහ් "
අප්පච්චි ඉදියේ එලියේ පත්තරයක් බලන ගමන්... මන් ඉදියේ මයේ කාමරේ පහුගිය ප්‍රශ්න පත්තරයක් කර කර... එත් එක්ක ම ඇහුන සද්දේ නිසා අප්පච්චියේ කාමරේට දුවලා ගියාපු මන් අප්පච්චියේ ෆොන් එක අරගෙන බැලුවේ කවුද කියලා...
ලොකු ඉස්කෝලේ මහත්තයා... ඇයි ද දන්නේ නැ... එක නිසා ම ෆොන් එක ආන්සර් කරපු මන් ලොකු ඉස්කෝලේ මහත්තයා එක්ක කතා කෙරුවේ... ලොකු ඉස්කෝලේ මහත්තයා මාත් එක්ක ටික වෙලාවක් කතා කරලා අප්පච්චිට ෆොන් එක දෙන්නයි කියලා කියද්දි...
එහෙන් ම දුවලා ගිහින් අප්පච්චිට ෆොන් එක දිලා දාපු මන්... කරන ගමන් ඉදිය ප්‍රශ්න පත්තරයත් වහලා දාලා ඇදට පැන්නා... තුන් මහක් ගෙවිලා ගියා අලුත් මහත්තයෙන් කිසි ආරංචියක් නැතුවා...
මට එක වෙලාවකට හිතෙනවා අලුත් මහත්තයායි කියලා කෙනෙක් ඇත්තට ම ඉදියේ නැතිවදත් කියලා... එත් එහෙම වෙන්ඩත් බැරුවා නේ... මන් මහත්තයේ පපුවේ තුරුල් වෙලාත් උන්නා නේ තුන් මහකට කලියෙන්...
ඒ මොන දෙයක් වුනත් දැන් මට ටිකක් විතර හොදයි... කලියෙන් ඇහුන සද්ද බද්ද කියන් දෙවල් දැන් ඇහෙන්නේ නැති ම තරම්... ඊටත් වඩා හොදම දේ මොකද්ද කියලා කියනවා නම්...
අලුත් මහත්තයේ වලව්වට යන රුස්ස ගස් තියෙන අර අදුරු මහා මුසලයි කියලා පිටින් බලන කෙනෙක්ට පෙන පාර... දැන් හරි එලියයි... ඉස්සර පිරිමියෙක් පවා තනියම නොගිය පාරේ දැන් පිරිමි විතරක් නෙමේ ගැණු පවා යන්ඩ පටන් අරන්...
දැන් ඒ පැත්තට මිනිස්සු බය නැතුවා... අලුත් මහත්තයා කිව්වත් වයේ මිනිස්සු ම තමයි ඔය මනස්ගාත ඔලුවේ දාන් ජිවත් වෙන්නේ... දැන් මිනිස්සුන්ගේ ඔලුවලින් ඒ දිහා අදුරු බලවේග ඉන්නවායි කියලා කියන දේ මැකිලා ගිහින් තියෙන්නේ...
මන් හිතන්නේ මේ හැමදේම උනේ අලුත් මහත්තයා ඇවිත් අර හොල්මන් වලව්වේ නතර වුන නිසා වෙන්ඩ ඇති... අලුත් මහත්තයා... අනේ ඉක්මනින් එන්ඩකෝ මටත් එක්කලා මහන්සි නේ අලුත් මහත්තයා එනකන් පාර දිහා බලාන ඉදලා...
YOU ARE READING
1993 || ᴏɴ ʜᴏʟᴅ ||
Hayran Kurguනියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE