රටවල් කීපයක් අතර යන සිදුවීම් ලියද්දි ලැන්වේජ් බැරියර් එකක් එනවා. ඒ කියන්නෙ ෆෙඩර්ල් ඔෆිසර්ලා සිංහලෙන් කතාකරද්දි ගනන් ගන්නෙපා😅. ඔක්කොම දෙබස් english දැන්මොත් කතාවම එක්කො english වලින් ලිව්වා සමානයි. එයාලා එවෙලෙට English කතාකරනවා හිතාගන්න සරේ.
---------------------------------------------------------------ඔවුන් කියනවා ඔහු මේ ලෝකය පාලනය කරනවා කියලා. One word from him, The WORLD will burn!!!!
ඔහු මේ ලෝකෙට ඉපදුණේ කිසිවක් නැතිව, තමන්ට කියලා නමක් පවා නැතිව. පළමු හුස්ම ගැනීමටත් පෙර ලෝකය ඔහුව වීදි පාරකට විසි කර දැන්මා.
නමුත් මුලු ලෝකයක් කොන් කරපු තනි කරපු ඉන්දියන් සාගරයෙ දූපතකට දාව උපන් අනාතයෙක් වීදිපාරක ඉබාගාතෙ ඇවිද්ද කොලු ගැටයෙක් මුලු ලෝකයක්ම විනාශ කරන දරුනු කුනාටුවක් බවට පරිවර්තනය වෙයි කියලා එදා ලෝක බලවත් රාජ්‍යයන් හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති.
He learned the language of survival. වීදි පාරෙන් ඇහිදගත්ත කුඩා පාන් කෑල්ලෙ පටන්, බෙලෙක් පිගානට වැටුන රුපියල වෙනකන්.
අව්ව, වැස්ස, සීතල බඩගින්න ඔහුගෙ ආත්මය අමු අමුවෙ ඉරා දැන්මා. කුසගින්නට පෝෂණය වෙන්න ඔහු ලග අවසානයෙ ඉතුරු වුනේ කෝපයම විතරයි. දිනෙන් දින වැඩෙන ඔහුත් එක්ක ඔහුව පෝෂණය කල කුසගින්නත් වැඩුනා.
කුඩා දූවිලි වලා එකතුවෙමින් විසල් දරුණු කුනාටුවක් උපත ලැබුවා, තමන්ට නොලැබුන, තමන්ව ප්‍රතික්ෂේප කල සියල්ල ඔහු සතු වන තුරු නිහඬ නොවන දරුණු කුණාටුවක්.
තමන්ට වදින පහරක් පහරක් පාසා ඔහු සපථ කලා , නමුත් ඔවුන් ඔහුට සමච්චල් කළා, තව තව පහර දුන්නා, ඔහුව බිඳ දමන්න උත්සාහ කළා. ඔවුන් දැනගෙන හිටියෙ නැහැ ඔවුන්ගෙන් ලැබෙන හැම පහරක්ම පාසාම ඔහු ශක්තිමත් වන බව, හැම අපහාසයක්ම ඔහුගේ ආත්මයේ ගින්නෙන් පෝෂණය කරන බව.
අද වෙද්දි, මුලු ලෝකයම ඔහුට හිස නමා ආචාර කරනවා, ලෝකයා පවසන්නේ ඔහු තම දෑතින් අන්ධකාරය අල්ලාගෙන ඉන්නවා කියලා, බලයෙන් සැරසෙන ඔහු ආයුධය ලෙස පාවිච්චි කරන්නෙ එකම එක ආයුධයයි- මරණය!!!
ප්‍රතිවාදින් වෙවුලමින් ඔහුගේ පාමුල වැටෙනවා, බලගතු මිනිසුන් ඔවුන්ගේ බැල්ම පහත් කරනවා, ලෝක බලවතුන් ඔහුගෙ නම සදහන් කරන්න දෙවරක් කල්පනා කරනවා. ඔහුගේ බලයට නැවතීමෙ තිතක් නැහැ, ඔහුගේ බලපෑම අසීමිතයි. අද වෙද්දි ඔහු කිසිදාක පය නොතැබූව නගර ලෝක එහා කෙලවරෙ ඉදන් පාලනය කරනවා, වෙලඳපොලවල් හසුරුවමින් අධිරාජ්‍යයන් ගොඩනගනවා. ඔවුන් සියල්ලක් සමග ගනුදෙනු කරන්න ඔහු පාවිච්චි කරන්නෙ ඔහු විසින්ම නිර්මාණය කරල ලද එකම එක මුදලයි: බිය.
VOUS LISEZ
B.I.B (Yizhan නන්ෆික්)
Actionශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie