කටුනායක ගුවන් තොටුපල පිටවීමේ දොරටුවෙන් එලියට පැමිනෙන ශේන්ගෙ පය Cyelindia මහ පොලවේ දුඹුරු පස මත ගැටෙද්දි මහ අහස පවා දරුණු හුලගකට හසුවුනාක් මෙන් ඝන අදුරෙන් වැසී ගියා. අදුරු වලා අතරින් යන්තමින් හෝ පායපු ආලෝකයෙ අංශුමාත්‍රය පවා කලුවර වලාකුලු අස්සෙ සැගව ගියේ ඔවුන් වෙත එල්ල වෙන ලා නිල් දෑසෙ බැල්මෙන් සැගවෙන්න. හුදෙක් මෙය අදුරක් අදුරක් සමග පමණක්ම කරන යුධ වැදීමක් බව ආලෝකය බියෙන් සපථ කලා.
නමුත් එක්වරම මුලු අහස් තලයම දෙදරා යන ගිගුරුමක්. අනවසරයෙන් සිංහ රාජදානියට පැමිණී හයිනාට Cyelindia මහ අහස අනතුරු අගවන්න පටන් ගෙන. ගැබුරු ගිගුරුමක් අහස් තලයෙ දෝංකාර දෙමින් ඇහෙද්දි අදුරු අහසින් වැහි බිදු එක දෙක පොලව මතට කඩා හැලෙන්න පටන් ගත්තා.
භූමිය සිපගමින් ඇදහැලෙන ජල කදෙන් ගැලවෙන්න මිනිසුන් හිස් ලුලූ අත දිව ගියා, නමුත් තවමත් ශේන් ඔහු හිටගත්ත ඒ තැනම ගල් පිලිමයක් මෙන් හිටගෙන අදුරු අහස දිහා බලාගෙන ඉන්නවා. දෑත් දෙපසට විහිදුවමින් වර්ශාවට සම්පූර්ණයෙන්ම තමන්ව තෙමන්න දෙන ශේන්ගෙ මුහුන මතට ඇද වැටෙන වැහි බිදු ගෙල දිගේ පහලට ගලාගෙන යන්නෙ තෙමුනු ඇස් පිහාටු අතරෙන් පෙනෙන ලා නිල් ඇස් රිද්මයකට ඇසි පිය ගහද්දි.
"ශේන් You must me careful , B.I.B doesn't just control Cyelindia; this man owns it. ශ්‍රී ලංකා කියන්නෙ ශේන් ඉපදුන ශේන් පිටවෙද්දි දැනගෙන හිටිය සාමාන්‍ය රට නෙවෙයි තවදුරටත් . පිට ලෝකෙට සමෘද්දිමත් බලවත් රටක ස්වරූපෙන් ඉන්න Cyelindia අද වෙද්දි ලෝකය පුරා පවතින බලවත්ම මාෆියාවෙ මූලස්තානය බවට පත් වෙලා ඉවරයි. Cyelindia ඇතුලෙ ගන්න හුස්ම ගැන පවා ශේන් දෙපාරක් හිතන්න ඕනෙ"
"ශේන් මිකේල් ඇමරිකා එක්සත් ජනපදයෙ අනාගතයම අද මම ඔයාගෙ කරපිට පටවනවා.අපි මේ සටන දිනන්නම ඕනෙ.මේ මිශන් එකට ඉහලින් අවසර ගන්න මම සෑහෙන කට්ටක් කෑවා.listen carefully "
"B.I.B"
"B.I.B ට ලෝකෙ පුරා ගණන් කරන්න බැරි තරම් බලකොටු සංඛ්‍යාවක් තියනවා ඒත් කොයි මොහොතෙ මොන රටේ කොයි දවසෙ ඔහු ඉදියිද කියන්න අපි කාටවත් තීරණය කරන්න බැහැ. හැබැයි ශේන් එකම එක දවසක හැරෙන්න. ආදි අමාවාසි."
ESTÁS LEYENDO
B.I.B (Yizhan නන්ෆික්)
Acciónශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie