කටුනායක ගුවන්තොටුපලෙන් යාපනය නගරය බලා පිටත් වුන මෝටර් රථය කාපට් මාර්ගයන් දිගෙ පැය තුනකට ආසන්න වෙලාවක් වේගයෙන් ඉදිරියට ඇදෙමින් හිටියා, පැය තුනක් තිස්සෙ ඇද වැටිලත් අහසින් කඩා හැලෙන මහ වර්ශාව ඉවරයක් නැති වෙද්දි වේගයෙන් ඉදිරියට ඇදෙන මෝටර් රථයේ වින්ඩ්ශීලය මතට නිමාවක් නැතිව කඩා හැලෙන වැහි වතුර වයිපරයෙන් දෙපැත්තට තල්ලු වෙන ක්‍රාස් ක්‍රාස් හඩ මෝටර් රථය තුල අදිසාණ්ද්‍ර ගුප්ත බවක් ඇති කරලා තිබුනා.
ගමනෙ අතරමග දුරින් ඇහෙන ගිගුරුම් හඩක පිපිරී යාමක් එක්ක අදුරු වුන වටපිටාව ආලෝකයෙ ගිලෙමින් නැවතත් අදුරේ ගිලී ගියේ පසුපස මගී අසුනෙ හිදගෙන හිටිය ශේන්ගෙ චායාව මෝටර් රථය තුල පෙනි නොපෙනී යද්දි.
ඔහුගෙ අවදානය සම්පූර්ණයෙන්ම මෝටර් රථ කවුලුවෙන් ඈත පෙනෙන දර්ශන පථය වෙත යොමුවෙලා තිබුනා, සරල, ග්‍රාමීය නිවාස වියැකී යමින් කුළුණු, නවීන ව්‍යුහයන් මගින් ප්‍රතිස්ථාපනය වෙලා තිබෙන නගරයන් සියල්ල පහු කරමින් දැන් දැන් ඔවුන් යමින් ඉන්නෙ කාන්තාර ප්‍රදේශයකට පරිවර්තනය වුන භූමි කොටසක් පහු කරමින්. වර්ශාව නිසාම මාර්ගය දෙපස තවත් මෝටර් රථ දකින්න තිබුනෙ නැතත් කාපට් පාරෙ සීමාවෙන් එහා වැලි කතරෙ තැනින් තැන අබලම් වුන මෝටර් රථ තැන තැන නතර කරලා තිබුනා.
"ශ්‍රී ලංකාව ගොඩක් වෙනස් වෙලා නේද සර්?"
හදිසියෙම මෝටර් රථය තුල පැවති නිහැඩියා බිදිමින් තරුණයා කතා කලේ හිස හරවමින් තරුණයා දිහා බැලුව ශේන් සෙමෙන් හිස වනද්දි.
"ඔව් එහෙම කියන්න පුළුවන්."
"නගර සංවර්ධන වෙද්දි ගම්මු ගම්මාන අතෑරලා නගර හොයන් ගියා. අවුරුදු කීපයක් තිස්සෙම මේ භූමි හිස් වෙලා. දැන් දැන් මේ තැන් හොරුන්ටම ලියාගත්ත තිත්පොලවල් වෙලා."
තරුණයාගෙ කතාවට ඇහුකන්දෙන ශේන්ගෙ තියුණු ඇස් ආයෙමත් කවුලුවෙන් පිටතට යොමුවෙද්දි ඔහුගෙ වම් අතේ ඇගිල්ලක් රිද්මයකට දකුනු අතට තට්ටු කරන්න පටන් ගත්තා.
"ලෝකෙම අල්ලන්න තරම් දියුනු වුනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු මිනිස්සු කොයි රටෙත් ඉන්නවනෙ සර්"
ВЫ ЧИТАЕТЕ
B.I.B (Yizhan නන්ෆික්)
Боевикශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie