Chapter 04

985 222 218
                                    

අන්ධකාරයෙ ගිලුනු කුඩා නිවසක් ඉදිරියෙ මෝටර් රථය නතර කරපු තරුණයා මෝටර් රථයෙ එන්ජින් ක්‍රියාවිරහිත කරමින් ශේන් වෙත හැරුනේ ගමනෙ අවසානය ගැන ශේන්ට දන්වන්න නමුත් තරුණයාගෙ උත්සහය තඹේකට හෝ සීමා නොකර වර්ශාව මැදම තෙමෙමින් වාහනෙන් බැස්ස ශේන් අන්ධකාර නිවස වෙත ඇවිදන් ගියේ තුශ්නිම්භූත බැල්මෙන් අන්ධකාරයෙ නොපෙනි යන ශේන් දිහා තරුණයා බලන් ඉද්දි.

තරුණයාගෙ මුවින් පිටවුනේ දිගු හුස්මක්. එක අතක් ඉහලට ඔසවමින් හිස දෙපැත්තට වැනුව තරුණයා කලිසම් සාක්කුවෙන් ගත්ත සිගරට් බොක්ස් එකෙන් සිගරට්ටුවක් දල්වගනිමින් තොල් අතර රදවගත්තා.හවස් යාමයෙ ඇද වැටුන වර්ශාව මේ වෙද්දි දරුණු කුනාටුවක් බවට පරිවර්තනය වෙලා.

දැල්වෙන දුම්වැටි දෙකක්ම අලු බවට පත් වෙනකන් මෝටර් රථය තුලම කාලය ගෙව්ව තරුණයා අවසානයෙ දිගු හුස්මක් පිට කරමින් මෝටර් රථයෙන් එලියට බැස්සෙ රථයෙ ඩිකිය හරිමින්.

ශේන් නිවස තුලට පිටවෙලත් මේ වෙද්දි මොහොතක් ගත වෙනවා, ඩෝර් බෙල් එක බෙල් කරමින් ගමන් මලු කර පිටින් උස්සන් තරුණයා වැහුන දොර ඉස්සරහා හිටන් හිටියත් නිවස තුලින් ඔහුට පිලිතුරක් ලැබුනෙ නැහැ. තරුණයා කීපවතාවක්ම උත්සහ කලා නමුත් ශේන්ගෙන් ඔහුට කිසිම පිලිතුරක් ලැබෙන්නෙ නැහැ .ශේන් නිවස තුලට ඇතුල් වෙලා මොහොතක් ගත වෙලා තිබුනත් ඇත්තෙන්ම නිවස තවමත් ඝන අදුරේ ගිලී තිබුනා.

විනාඩි කිහිපයක් තිස්සෙම ශේන්ට කතාකරලත් ඔහුගෙන් පිලිතුරක් ලැබෙන් නැති තැන අවසානයෙ තරුණයා වැහුන දොර නිකමට අතින් තල්ලු කලා. සැබෑවටම මේ තරම් වෙලාවක් දොර විවර කරලයි තිබිලා තියෙන්නෙ.නලලින් පහලට වැටෙන කෙහෙ රැලි පිටි අල්ලෙන් පිටුපසට පීරමින් තරුණයා බර සුසුමක් පිට කලා.

සිරුරටම ඇලුන තෙත කමිසය ගසමින් හිත යටින් වර්ශාවට සාප කරමින් ඔහු අදුරු නිවස තුලට ඇතුල් වුනේ අන්ධකාර නිවස පුරාවටම ඇස් ගෙනියමින්.පාලු නිහැඩියාවෙ ගිලුනු නිවස තුල දැනෙන ගුප්ත සන්සුන් බව තරුණයාගෙ හිත තුල ඇති කලේ සිත කිරී ගස්වන ගුප්ත හැගීමක්.

B.I.B  (Yizhan නන්ෆික්)Où les histoires vivent. Découvrez maintenant