Chapter 05

1.1K 211 288
                                    

(උඩ සිංදුව අහන් කියවන්න 🖤)

මහ වැසි ඇද හැලෙනවා, නිමාවක් නැති හුලං හමනවා, දැවෙන ඉටිපන්දම් එලි එකින් එක නිවී යනවා. අන්ධකාර නිදන කාමරයෙ වැසුන දොර වේගයෙන් විවර වෙද්දි ඇද මත වැතිරිලා හිටිය ශේන්ගෙ තොල් අග ඇදෙන්නෙ සමච්චල් සහගත හිනාවක්.

විවර වුන දොර ඉස්සරහ හිටගෙන තමන් දිහා බලන් ඉන්න තරුණයා දිහා බලන් හිස ඇල අතට හරවගනිමින් ශේන් දෑස් පියාගන්නෙ සෙමින් ඉහලට පහලට හුස්ම ගනිමින්.

කුනාටු රාත්‍රියක වුනත් තවමත් විවර කරලා තියන ජනෙල් කවුලුවෙන් දරුනු සීතල හුලං කාමරය තුලට ගහගෙන එනවා.නමුත් ඒ බවක් සිතන්න හෝ  කල්පනාවක් මේ වෙලාවෙදි තරුණයාගෙ මනස තුල ඉතිරි වෙලා නැහැ. අන්ධකාර කාමරය තුලට කඩා වැදෙන දරුනු  කුනාටු හුලගට අන්ත සැඩ කුනාටුවක් මේ වෙද්දි ඔහුගෙ මනස තුල ඉපදෙන්න පටන්ගෙන.

දෑස් පියාගෙන හිටියත් තමන් වෙත අඩියෙන් අඩිය ලං වෙන තරුණයාගෙ පියවර හඩ ශේන්ට ඇහෙනවා. සෙමින් හුස්ම ගනිමින් සුදු ඇද ඇතුරිලි එලුව ඇද මත වැතිරිලා ඉන්න ශේන්ගෙ දිගු ඇගිලි හීනියට ඇද ඇතිරිල්ලට තෙරපෙන්නෙ ඇද මෙට්ටය මතට තවත් බරක් එකතු වෙද්දි. කුනාටු රාත්‍රියේ පවතින අනුකම්පා විරහිත ප්‍රචන්ඩ සීතල මැදින් උනුසුම් සිරුරක දැනීම දැනෙද්දි ශේන්ගෙ දෙපයෙ ඇගිලි එකිනෙකට ගුලි වෙනවා.

කාමරයෙ දැල්වුන ඉටිපන්දම් එකක් නෑර මේ වෙද්දි නිවී ගිහින් . නමුත් අන්ධකාරය තුලම උපදිමින් කුනාටු අහසෙ මියැදෙන ගිගුරුමක් පාසා ඇද මත වැතිරිලා ඉන්න ශේන්ව තරුණයගෙ දෑසට පෙනෙනවා . කාමරයෙන් පිටවෙමින් තමන් යන්න තීරණය කරපු ගමන යන්න තදින්ම තරුණයට ඕනෙ කලා , නමුත් මේ වෙද්දිත් ඔහු කොයිතරම් ප්‍රමාදද!! තරුණයගෙ තද කලු  දෑසෙ බැල්ම අල්ලන් ඉන්න මනුශ්‍යය රුවෙන් ගැලවීමක් අද රාත්‍රියේදි ඔහුට ලැබෙන එකක් නැහැ.

ශේන්ගෙ උරහිසෙන් පහලට කඩා හැලෙන බොත්තම් නොපියවූ කලු කමිසය කාමරය තුලට හමන සීතල හුලගට සෙමින් ඉහලට පහලට සෙලවෙන්නෙ අන්ධකාරය තුල ගිල්ලමින් සැගවුව තහනම් පාපය පිටත ලෝකයට රහසේම නිරාවරණය කරමින්. ශේන් කිව්වත් වගේම අන්ධකාරයෙ හදවතෙන් උපන් කුනාටු රාත්‍රිය මේ වෙද්දිත් ආශාවෙන් හුස්ම ගන්න පටන් ගෙන.

B.I.B  (Yizhan නන්ෆික්)Onde histórias criam vida. Descubra agora