Chapter 07

950 175 289
                                    


නල්ලුර් කෝවිල ලග ඇත්තටම වේල් නදිය කියලා එකක් නෑ. ඒක මම හැදුව් කතාවට දාන්න සරේ.දැන් ජුප් කියවන්න උඩ සිංදුව අහන් කියවන්න.
----------------------------------------------------------------

ශ්‍රී  ශ්‍රී  ශ්‍රී මාන් මහ රාජාදි රාජ
රාජ ගම්භීර
රාජ මාත්දාන්ඩ
රාජ ගුලොප්තුන්ඩ
රාජ ගුලතිලක
ඊරේන පදිනාන්ඩුලෝගත්තින් අදිපති
රාජලුම් නායගම්
අලගන් කුලගම් 
ආන්නන්දජිත්වන්
නල්ලූර් පදි කාවලන්
නල්ලුර් අඩියාල්  කාදලන් අරන්
අන්ඩද රාජ ගත් ප්‍රබන්ජෝත්තම් නිමිත්ත කාරනන්
ප්‍රේන්දිත් නායගන්
පේල්වියන් තායවම්
මුරයාගම් පුරලවුම්
මුත්තමුල් ආලවම්
නල්ලුර් කන්දසාමි පරියේරි වාරා!!!

(උඩ කියන එක මේකේ තියෙනවා බලන්න)

අරෝ හරා අරෝ හරා!!!

නිදහස් වට භූමිය පුරා පැතිරුනු හෙලිකොප්ටර් ශබ්දය වාතලයට තුනී වී යන්න පටන් ගත්ත මත්තෙන්ම කෝවිල් භූමියෙ අනෙක් පසින් ඇහෙන්න ගත්තෙ ගාම්භීර ආඩම්බර ලීලාවෙන් කතාකරන පිරිමි හඩක්.රිදී අලේපිත වේලායුධයක් අතැතිව වැසුනු විසල් ද්වාරය ඉදිරියෙන් හිටගෙන මුලු කෝවිල් භූමිය පුරාම දෝංකාර දෙමින් ඇසෙන ශබ්දයෙන් ශ්‍රී මුරුගන් දෙවියන් ගැන තේජාන්විත ගෞරවනීය හැදින්වීමක් කරන පුරුශයා හැදින්වීමෙ අවසානයෙ පැමිනීමත් එක්කම වේලායුදය ඉහලට ඔසවන්නෙ කෝවිලේ වැසී තිබුන රත්‍රන් ආලේපිත ද්වාර දෙපසට විවෘත වෙද්දි.

කෝවිල් භූමියට රැස්ව හිටිය සෙනග කාටත් කලින් ද්වාර තුලින් රිංගමින් ඉදිරියට ඇදී ගිය සූර්ය  ආලෝකය මුරුගන් දෙවියන්ගෙ ශ්‍රී සිරුර අලෝකයෙ රිදී පැහැයෙන් වර්ණවත් කරමින් මුරුගන් ස්වාමි වැද පුදා ගත්තෙ බෙර හඩ, හක්ගෙඩි , නලා හඩ කෝවිල් භූමිය පුරා දෝංකාර දෙමින් ඇහෙද්දි.

කෝවිල් භූමියට රැස්ව හිටිය ජනතාව ගෞරවය පිරි දෑසින් ගොඩබාපු හෙලිකොප්‍ටරය දිහා බලන් හිටියා.හෙලිකොප්ටරේ දොර විවෘත වෙලා පැමිනෙන පුද්ගලයාගෙ සෙවනැල්ල දැකීම පමණින්ම සමහරක් මිනිසුන්ගෙ දෑසින් කදුලු කඩාගෙන වැටෙන්න පටන් ගත්තෙ ලක්ශ ගණනින් ඔවුන්ගෙ ඉරණම වෙනස් කල දෙවියන් අද ඔවුන්ට සියැයිස් දැකගන්න ලැබෙන භක්තියෙන්.

B.I.B  (Yizhan නන්ෆික්)Where stories live. Discover now