මේක අපිලගේ රට... අපිලගේ නීතිය... අම්මට.... හැ..... තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ...
යෝ සහෝදර සහෝදරියනි, හිතාදර මහල් වාසීනී... නවය නපුරු නිසා වස් දොස් යවන්න මම සිලරතන හිමි බැහැ දැකලා මේ එමින් ගමන්.. අපිලගේ සාදුගේ ආශිර්වාදේ කොච්චර වටිනවද නේත.. අහ් නේද..
මොන සාධු වන්දනාද බන් මේ ගිණි ගහන අව්වේ.. අපි මේ දෙපැත්ත බෙදිලා වෙල් එලි මැද ගෙයක් හොයනවා.. ශාලුක් උතුරේ.. මන් දකුණේ.. මේ මුකලම් බස්සා කොහේ ගස් බෙනේක ජීවත් වෙනවද මන්දා.. පුදුම අමාරුවක් තියෙන්නේ හොයාගන්න.. එක වගේ පුදුකුඩු ඉරුප්පු නමුයි ගෙවලුයි, වෙල ලගින් දකුණේ පලවෙනි ගේ කිව්වට කවුද හු ත් තෝ මෙච්චර වෙල් ගොඩක් මැද දකුණේ ගෙදර හොයන්න ඕනි කිව්ව ප ර යා..
දැන්නම් වදාපු අම්මට පින් දීලා දාලා ගිය තාත්තාගේ අම්මාට බාස්මතී රයිස් ගරන්න කේන්තී යකෝ.. මම අන්තිමට ගහකට හේත්තු වෙලා වාඩි වුණා.. පොඩි හැච්චෝ පැච්චෝ නම් ගොයම් කපපු වෙලේ උඩ පැන පැන සරුංගල් අරිනවා.. මේ සරුංගල් මාසෙද.. මතකත් නෑ.. කොටින්ම හිච්චි කාලේ යැව්ව සරුංගල් ඇරෙන්න ඊට පස්සේ අරුංගල් වත් යැව්වේ නෑ... අනික රට ගිහින් ඕවා කරන්න මට වෙලාවක් තිබ්බෙත් නෑ..
නිල්ම නිල් පාට අහසේ පාලු මකන්න තැනින් තැන තියන සේද වලාකුලු අතරින් පියාඹන උකුස්සෝ එකා දෙන්නා පෙනුනෙත් හරිම පොඩියට.. කාව කොහොම ගොඳුරු කරනවද කියලා ඈතින් ඉන්න මට නොපෙනුනාට උකුසු ඇස් කියන්නේ නිකන්ම ඇහැක් නෙමෙයි කියලා අනන්තව උකුස්සෙක් අරන් ගියා කියන කවි කතන්දර වලින් අපි දැනගෙන තියනවා..
අහස බලාගෙනම ලාවට පියපු ඇස් අස්සට වැටුණ අව් රැල්ල වැහිලා යද්දි මම ඇස් ඇරියේ ඇස් ඉස්සරහම ඉන්න කෙනා දිහා ඇස් පුංචි කරලා බලලා...