ම්... ටිකක් අපැහැදිලි පොටෝ එකක් වගේ.මේ පෝටෝ එකේ තියන විදියට නම් චූටි ලමයෙකුයි ,අම්මයි ,තාත්තයි ඉන්නේ...අහ් මේ මූණ මට හොදට මතකයි වගේනේ...ආයිෂ් කවුද මේ පොඩි එකා....එව් බිබික්කමක් වගේනේ...
"ආ හරිම අගෙයි... අනාගත හබීගෙ සූටි කාලේ පොටෝ වලට කියන දේවල්"
ඈහ් 😨😱😯😨😨😨අම්මේ මෙන්න හොල්මනක්...
අනේ කොල්ලෝ මං මේ නැන්දම්මා අනේ..
අනේ නැන්දම්මේ අනුකම්පා කරලා දෙන්න පුතාට සමා ....😢😢
අනේ මේ ලමයා හරි විහිලුකාරයෙක්නෙ ...😂
මේ ... මේ... ඔ. යා ඇත්තටම අයියගෙ අම්..මද.... 😨😨
හ්ම්.. ඔව් පුතේ.දන්නවද මගෙ දරුවා සතුටින් තියන්න පුලුවන් වගේම මට උදව් කරන්න පුලුවන් එකම කෙනා ඔයා.
අම්මට මොකද උනේ...අනික මම කොහෝමද අම්මට උදව් කරන්නේ...
දැන් ඔයා නිදාගන්න පුතේ... හෙට උදේ cemetery එකට එන්න පුලුවන්ද ... මම විස්තරේ කියන්නම්.
අම්මා කොහෙද යන්නේ.... අම්මට මෙහෙ ඉන්න පුලුවන්නේ මාත් එක්කම... අපේ උඩ කාමර එහෙමත් තියනවා....
කාමර වල ඉන්න මම ජීවත්වෙන කෙනෙක් නෙමේ දරුවෝ... අනික මගෙ පොඩි එකී තනියම අරෙහෙ...
අනේ අම්මා...එහෙම කියන්න එපා දුකයි මට 😢😢😭😓පොඩි එකී කිව්වේ මට මාලේ දුන්න චූටි බබාද...
ඔව් පුතේ.. ඒ ලමයා තමා.අපෝ අඩන්න එපා.හෙට එන්න ඒනම් දැන් නිදා ගන්න මැණික.
හරි අම්මේ....
අනේ දෙයියනේ ඒ මොකද්ද උනේ.තව ටිකෙන් නැන්දම්මගෙ බෑනත් බය වෙලා අවසන් ගමන් යනවා . පුහ් මොනා උනත් ආතල් එකේ හිටපු කෙනෙක්ද කොහෙද අයියගෙ අම්මා.... ම්.. මේක අයියට කියනවද නැද්ද.. එක්කො හෙට ගිහිල්ලා ඇවිල්ලම කියනවා....දැන් නිදාගත්තා නම් හරි....
Xiao zhan
අම්මා කියන්නෙම ආදරේ බෙදෙන උල්පතක්.ඒ උල්පතෙන් ආදරේ ගන්න මම අවාසනාවන්ත උනා.තේරේන වයසට ආවට පස්සෙ cemetery එකට ගියාමද කොහෙද මම.ඒකත් අර පුංචි සුරදූතයා නිසා.හිතට මාරම නිදහසක් දැනෙනවා . අම්මා එක්ක කතා කරපු නිසාද කොහෙද....
සමහර සින්දු වලට පුලුවන් හදවතටම කතා කරන්න.අම්මේ මං ආදරෙයි ඔයාට..පිරිමියෙක්ට කදුලු අකැප උනාම මං තාම අම්මගෙ චූටි පුතා අම්මේ.සින්දුවෙ වචන හදවතටම දැනෙනකොට ඇස් අගින් කදුලු කැට පොර කකා කොට්ටෙ සිප ගත්තේ මටවත් අවනත නොවී. මුරණ්ඩු කදුලු කැට වලට ඔහේ ගලා ගෙන යන්න දුන්නේ හිතේ දුක නැති වෙන්න කියලා හිතන ගමන්....
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
හායී...
ගොඩාක් කාලෙකින් නේද
මාව අමතක වෙලත් ඇති
මම ලූනා 🐺🐲
YOU ARE READING
සූටි වයිෆි 😙
Fantasyආදරයට ආදරය කරන්න.... මවක් මෙන් බිරිදක් මෙන් තම සැමියාට හදවතින්ම ආදරය කරන එකම පුද්ගලයා ඒ ඔහුම විය... ❤❤