Chapter 9

31 4 0
                                    

මමයි ඌයි පුක කැඩිච්ච කඩියො දෙන්නා වගේ පන දාගෙන දොර කාඩගෙන යන්න මොනවා හරි හොයන්න ගත්තා....

" අඩෝ ආශධ් මෙහෙ වරෙන් බඩ්ඩක් පෙන්නන්න "

" ඉදපන්........ට..සිරි...."
ආයිශ් අරූගෙ කෑගැහිල්ලට යන්න ගිහින් තව පොඩ්ඩෙන් බෙල්ල කඩාගන්න තමා වෙන්නෙ..

" ලෝකෙ පෙල්ලන්ද උබ එන්නෙ..."

" කටවහන් උබේ බඩ්ඩ පෙන්නපන්කො..."

" ඉවසලා ඉන්න.... මොකක්ද අනේ ඔයාට තියෙන හදිස්සිය"

" හදිස්සියෙන් තමයි යකෝ ඉන්නේ... කෝ කෝ ඉක්මන් කරපන්කො යුගාශ් "

" මොකක්..... ආශධ්ට මගේ බඩ්ඩ බලන්න ආසයි.....ගොඩක් හදිස්සිනම් ඉතින් පොඩ්ඩක් නැවිලා වරෙන්.."
පෙනේද පෙනේද මුට තද වෙලා තියෙන මෝල....

" මෙන්න මෙයාට මන් ගැන ආසයිලු ..... ගොඩක් ආසයිලු"

" ඔව් ඔව් ආසයි...ඉදපන් අර අතන තිබ්බ අඩුවත් අරන්ම මම නැවිල එන්නම් "
මම එහෙම කියලා උට රවලා ඇස් වලින් අඩුව පෙන්නුවා..

" ආශධ්ට විහිලු තේරෙන්නෙ නැහැනෙ ඉතින්.... කෝ එන්න උම්මියක් දෙන්න..."

" ඊව් අහකට පලයන් වනචරයා.."
කටේ හැටි විතරක් තොල් දෙකත් ඌරෙක් වගේ උල් කරගෙන.... මුගෙන් නම් තියෙන්නෙ මලම වදයක් ඇත්තමයි.... මම නිසා ඉවසනවා...නැත්නම් මූ නටයි ඔච්චර... පෆ්ෆ්ට්ට්

" කෝ වරෙන්.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ් "

" ඊයා තිරිසනෝ කෙල තල්ලියයි මූනෙ.... උබ මගේ මූනට ඇසිඩ් ගහපන් ඒත් උබේ කෙලනම් ගාන්න එපා..."
ඒකටනම් උගේ මූනත් එක්කම ඇද උනා හැබැයි... කරන්න දෙයක් නැහ් ඉතින් ඌනෙ පටන් ගත්තෙ.

" හරි හරි ඒවා වැඩක් නැහ් උබේ බඩ්ඩ දැන්වත් පෙන්නපන්කො....."

" වරෙන් වරෙන් පෙන්නන්න....... මේ බලපන් මේ තියෙන්නෙ ජනේලයක්.. මොකක්ද ජ නේ ල ය ක් ....අපිට මේක මෙන්න මෙ... මෙහෙම අරින්න පුලුවන්.... ඊටපස්සෙ මෙහෙම නැගලා මේ පැත්තට පනින්න පුලුවන්..."
යකොව් ඔව්මයි.... හැබැයි කතාවෙන් කතාව ඌනම් එහා පැත්තට පැන ගත්තා...

" කෝ දැන් වරෙන්... අරූ දැක්කොත් අපි මේකෙන් ආයෙ ඇතුලට දාලා ජනේලෙත් සීල් කරයි..."

සුදු නෙළුම් ( White lotus )Where stories live. Discover now