Chapter 8

62 7 25
                                    


කන්න ඉල්ලුවමවත් ඔලුව උස්සල බලන්නැහැනෙ මේ පෙරේත යකා. කෑම එකට ඔලුව ඔබාගෙන කනවා. ඇත්තමයි මට කන්න මුකුත් ඉතුරු නොවුනොත් මම හොද නැටුමක් මෙතන නටලා තමයි අද ගෙදර යන්නෙ.

" බඩගිනිද.. ම්ම් "
මූ කෑම එකට ඔබාගෙන හිටපු මූන උස්සලා අත පිහිදාන ගමන් ඔලුව ඇල කරලා අමුතු හිනාවකුත් දාගෙන මුඩුමයා කතා කරන්න පටන් ගත්තා.දෙන්න හිතයි මුට ඇත්තටම පිස්සු හුකන්නා! බඩගිනි තමා පකෝ සාගින්නෙ ඉන්නෙ සාගින්නෙ.

" කන් ඇහෙන්නෙ නැද්ද අනේ බඩගිනී තමයි"
මම රවගෙන ඇසුත් පොඩි කරගෙන කිව්වා.....
ආර්ශ් මූ ලග අඩාවැටෙන්න උනානෙ ඉතින්. කමක් නැහ් කමක් නැහ් ආශධ්....pizza හම්බ වෙනවනම් ඕනෙ එකක්. ....ස්පැගටි දෙයියනේ මා හට පිහිටවනු මැනවි රාමේන්!! රාමේන්!! රාමේන්!!!

" මන් හිතන්නෙ ගෙදරදි කියපු දේ මට වැරදියට ඇහිලා.. I heard you say you won't eat tonight . thats why I eat alone. "
යැයි යැයි තමා තිරිසන් බල්ලා! මූ කන්න දෙන්නෙම නැති line එකක් නෙ යන්නෙ.....මේ දුක කෝම ඉවසන්නද රන්ජනී....හැබැයි ඉතින් මටත් කට පරිස්සම් කර ගන්න බැරි උනානෙ....... කවුද ඉතින් දන්නෙ වැසි බල්ලගෙ වැසි ගති තාම ඇති කියලා........බලන් ඉන්නම බැරි තැන මම කියන්නෙ බලන් ඉන්නම අමාරු තැන උටත් හොදට රවලා මම උගෙන් pizza එක ඇදලා අරගෙන කන්න ගත්තා......අරුත් හැබැයි බල්ලා වගේ පාඩුවෙ හිටියා මගේ දිහා බලාගෙන.....ම්ම්ම්ම්ම් මේකේ රස.... ම්ස්තූතියි ස්පැගටි දෙයියනේ.... රාමේන්....‍රාමේන්! ඒකෙ රසට ඔලුවෙ තියන ප්‍රශ්නත් එක්කම දියවෙලා ගියා .....
උට සමහර විට ලැජ්ජද දන්නෙ නැහ් මෙතන pizza එකකට රන්ඩු වෙන්න.....කමක් නැහ් එහෙම හරි ලැජ්ජාවක් උට තියෙන නිසානෙ දැන් මම මේ කන්නෙ... ම්ම්ම් මරු හැබැයි... නොකා නොබීනම් මූත් එක්ක ආයෙ කොහොමත් ගෙදර යන්න බැරි වෙයි.....ඌත් එක්ක ආපු ටිකටත් ඇගෙන් ලේ බාගයක්ම හිදුනා riding skills වලට......පුෆ්ෆ්ෆ් අමොව් හුත්තො මූ යන වේගේ....තටු ආවා වගේනේ.....ඇමති පුතා කියලද දන්නැහ් හිතන් ඉන්නෙ. කොහෙද ඉතින් තාත්තටත් මුගේ මේ කාලකන්නි වැඩ නවත්තන්න කිසී.....ම වුවමනාවක් නැහැනෙ. එක පාරයි බයික් එකක් ඕනෙ කිව්වෙ ඊටපස්සෙ දවසෙ ඒක ගෙදර. අන්තිමට කොහේහරි තලාගෙන තමා මූ නවතින්නෙ මට ඒකනම් හොදටම sure. නෑ ඉතින් වෙන්න බැහැද කියන්නකො.

සුදු නෙළුම් ( White lotus )Where stories live. Discover now