ආදිව් ඇඳ ඇද හිටපු ස්කෙච් එකේ අන්තිම ටිකත් ඉවර කරලා පැන්සල පැත්තකට දැම්මේ අතේ පයේ හිරි අරින ගමන්. විනාඩි කීපයක් තම ඇඳපු එක දිහා ආයෙම බලන් හිටියේ ඇහිපිල්ලමක්වත් නොගහා.කාලෙකින් ලස්සනට ඇඳුනු එකක්. හැම චිත්‍රයක්ම ඇන්දට පස්සේ ආදිව් පුරුද්දට වගේ මොනවම හරි පැත්තකින් ලියනවා. ඒක ඒ චිත්‍රෙට සම්බන්ද දෙයක් වෙන්න පුලුවන් එහෙම නැත්තන් එවෙලේ එයාගෙ හිතට ආපු දෙයක් වෙන්නත් පුලුවන්. පිටුවේ පැත්තකින් දිනෙත් දාලා ඒ ලගින් පැන්සලෙන්ම ආදිව් යම් වාක්‍යක් කුරුටු ගෑවා.ඒ වැඩේ ඉවර කරලා එහෙමම මේසෙන් නැගිට්ටේ ඇඟේ හිරිඇරගන්න ගමන්. එහෙමම පල්ලේහාට ගියේ බඩට යමක් දාගන්න.
"සුදූ.. කන්න දෙයක් නැද්ද..?"
කිචන් එකට ගිහින් මොකද්ද ව්‍යංජනයක් හැඳි ගගා හිටපු ආච්චම්මව පිටිපස්සෙන් ගිහින් බදාගන්න ගමන් ආදිව් ඇහුවා.
"එහාට යනවා.. මන් මේ වැඩනේ.. "
"අනේ සුදූ.. ඔයා දැන් හරි නපුරුයිනේ ඒයි.."
"පොඩි එකෙක් වගේ දගලන්නේ මොකෝ..? නාකි කෝලං.. "
"නාකි කොහෙද ඒයි.. මන් තාම සූටි කොව්වෙක්නේ.."
"අපේ අප්පේ.. හරි සූටි.. අපේ කාලෙනම් ඔය වයසේ කොල්ලො කරකාර බදිනවා."
"ඒ ඔයාලගේ කාලෙනේ සුදූ.. දැන් කාලේ කොල්ලො කාර කාර බදින්නේ නෑ.. කෙලින්ම තෙලේ දාලා බදින්නේ.."
"මොකක්..?"
"මොකුට් නෑ සප්තලම්.."
"ම්ම්ම්ම්.. අන්න ෆ්‍රිජ් එකේ අයිස්ක්‍රීම් තිබ්බා.."
ආච්චම්මගේ ඒ දැනුම්දීමත් එක්ක ආදිව් ආච්චම්මා ලගින් අයින් උනේ ඒ කම්මුලකට හාචියකුත් තියන ගමන්. ෆ්‍රිජ් එක ඇරලා එතන තිබුනු අයිස් කෝන් කීපෙන් එකක් අරන් එතනින් චුත උනේ පාඩුවේ දෙසාබාන්න.. හවස පහ වගේ නිසා තාම එලියයි. ඒ නිසාම ආදිව් මිදුලට ගිහින් බෙන්ච් එකේ වාඩි උනේ අයිස් එකත් කන ගමන්. අයිස් එක එක අතකින් අල්ලන් අනික් අතින් සාක්කුවේ තිබ්බ ෆෝන් එක එලියට ඇද්දේ කම්මැලි කමේ.
සතීශ්ගෙන්ම මැසේජ් සීය පන්නලා. මේ දැනුත් ටයිපින්.. ආදිව් චැට් එක ඕපන් කරල බැලුවේ මොන යකා වැහිලද කියල. මැසේජ් සීයෙන් අසූවකට වඩා ස්ටිකර්ස්. ඉතුරු ටිකේ වොයිස් මැසේජ්. තව ටයිපින්.. ආදිව් කම්මැලිකමේම වොයිස් එකක් ප්ලේ වෙන්න දැම්මා.
YOU ARE READING
නොමියෙන හදවත් - Ongoing
Non-Fiction"උඹ දන්නවද දෙයක්.. එක පාරක් මගේ හදවත මැරුනා. මන් ඒකට පන දෙන්න උත්සහ කලේ නෑ,. මට ඕනි උනේ නෑ ආයේ මාව රිද්දගන්න.. ඒත් .. ඒත් ඇයි උබ ආයෙම ඒ හදවතට පන දුන්නෙ..?ආහ්?" යශීර් ආදිව් කෞශල්ය x ප්රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction