14 වන පරිච්ඡේදය

122 9 2
                                    

"අම්මෝ යකෝ ......... සිංහලනම්.... "

"ආ ... ඇයි උබට සිංහල පත්තියන්නේ..."

"මට පත්තියන්...රෙද්දක් කියෝනවා...  මං සිංහල පේපරේ අතට දුන්නම ප්‍රශ්නේ කෙසේවෙතත් මං දන්න උත්තරනම් කොහෙට හරි ඔබලා ලියනවා... ඉතින් මගෙ චිංපන්සි  බූරුවෝ දෙන්නා ... තොපිලා හිතන්නෙ මං විචාර ලියනවා කියලා..."

තිසරුයි මියුරුයි එක්ක විචාරෙ දිග වෙන්න හේතුවට විචාරයක් දෙන ගමන් අභී කැන්ටිම පැත්තට යන්න ලෑස්ති උනා.  එතකොටම තිසරු   සිංහල පීරියඩ් එකේ රහසින් මතුරපු පුදුම කිරිල්ල ගැන මතක් උනේ අභීට ඒ වෙලාවේ .

තිසරු ...ඕයි මෙ වරෙන්...  මොනාද යකෝ අර කියෙව්වෙ .... මොන සප්‍රයිස් එකක්ද... "

"ඒවා පස්සෙ ... කෝ වරෙන් යන්න කැන්ටිමට... ඉන්ටවල්  එකෙන් පස්සෙ ඩියුටි ඉවර වෙලා නැටුම් කාමරේට යන්න  මං  එනකල් පන්තියේ ඉදපන් ... පුංචිගෙ වැඩක් තියෙනවා කරන්න....."

"සුභා..මිස්...?"

"ම්ම්...ඔව් ඉතින් මේ ස්කෝලේ වෙන පුංචිලා නෑනේ මට "

තිසරු කිව්වෙ වැලමිට ගාවට නවපු ශර්ට් එකේ නවපු අත  ආයෙම හදන ගමන්.....  කියෝ කියෝ ගියාට මොකෝ... අභීනුයි තිසරුයි විතරයි කියෙව්වෙ...  මියුරු කලේ සාක්කුවට අත්දෙකත් ඔබාගෙන සද්දෙ වහලා ඒ පස්සෙන් අඩි තියන එක විතරයි.

"ඔය ඔය ඉතින්න්.. බලහං මුං ... පිස්සො වගේ අභියා..... "

"අද කැන්ටිමෙන් කෑම ගන්නව බොරු පුතේ"

"ඕයි හැදියල්ලා පෝලිමක්.... "

තිසරු කෑගැහුවේ හරි සැරෙන් ..... කොච්චර සැරද කියනවනම් පොරකාපු පොඩි කොල්ලො පෝලිම හැදෙන්න ගියේ තප්පර ගානයි.. කටහඩේ බරත් එක්ක හැරිලා බැලුවම උසට උසේ හොද පිරුණු ශරීරයක් එක්ක දිලිසෙන බැජ් එක පපුවේ පැත්තක වැදිලා තියෙනව දැක්කම පොඩි  උන් කොහොමත් බයයි .

"අභි...   ඉදිආප්ප  තුනක් ගමුද..?"

තිසරුගෙ ප්‍රශ්නෙට කැන්ටිම ළඟ බංකුවේ ඉදන් අභී තම්ස් අප්  එකක් දුන්නෙ අදහස හොදයි කියන්න ... ඉන්ටවල් එකට යුද්ද කරලා ගත්තු කෑම එකත් කටට දෙකට බඩට දාගෙන තුන්දෙනාම ගියේ... රාජකාරි බලන්න....

දෙවොල් පෙම (Ongoing)Место, где живут истории. Откройте их для себя